අනීතික රඳවාගැනීම්වලට එරෙහිව ලුණුගම්වෙහෙරේ උද්ඝෝෂණයක් !

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි උද්ඝෝෂණවලදී මෙන්ම අනෙකුත් අවස්ථාවලදී අනීතිකව අත්අඩංගුවට ගෙන, නිරෝධායන නීති භාවිත කරමින් රඳවාගෙන සිටින සියල්ලන් නිදහස් කරන ලෙස බලකෙරෙන නිහඬ විරෝධතාවක් අද (11) ලුණුගම්වෙහෙර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය මගින් පවත්වන ලද මේ නිහඬ විරෝධතාවයේදී ආණ්ඩුවට බලකර සිටියේ තැන්නේ ඥානානන්ද හිමි, ධම්මික මුණසිංහ ප්‍රමුඛ අදාළ පිරිස සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන මේ අනීතික ක්‍රියාව වහාම නතර නොකළහොත්, ඉදිරියේදී සංවර්ධන නිලධාරීන් ලෙස බරපතළ ක්‍රියාමාර්ග ගන්නා බවයි. නිරෝධායන නීතිවලට අනුකූලව, සාමකාමීව මේ නිහඬ විරෝධතාව පැවැත්විණි.

Previous articleකාබනික පොහොර නරක ද? – ජනාධිපති කරන්නේ කුමක්ද? : විරෝධය හරියට තේරුම් ගන්න – මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම
Next article🔴 Blog : ස්ටාලින්ලා හමුවෙන්න ගිය මානව හිමිකම් නිලධාරීන්ට දෙවැනි දිනටත් දොර වැසේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here