දුමින්දගේ සමාව නීතියේ ආධිපත්‍යය දුර්වල කරන වැඩක් – ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය

මිනීමැරුම් චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම නීතියේ ආධිපත්‍යය දුර්වල කරන සහ වගවීම අඩපණ කරන අත්තනෝමතික ලෙස සමාව ලබා දීම පිළිබඳ තවත් උදාහරණයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලය මෙසේ සඳහන් කළේය.
“දේශපාලන සගයකුගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු මන්ත්‍රීවරයකු වන දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම නීතියේ ආධිපත්‍යය දුර්වල කරන සහ වගවීම අඩපණ කරන තෝරාගත් සහ අත්තනෝමතික සමාව ලබා දීම පිළිබඳ තවත් උදාහරණයක්”
මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 47 වැනි සැසිවාරය ද පැවැත්වෙයි. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ විවේචනාත්මකව අදහස් දැක්වීය. අතීත අපරාධ පිළිබඳ විමර්ශන අධෛර්යමත් කිරීමට ගන්නා උත්සාහයන් මගින් වින්දිතයන්ගේ විශ්වාසය තවදුරටත් අඩපණ කරනු ඇතැයි ඇය එහිදී කීවාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දුන් සමාව නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.
Previous articleදුමින්දගේ සමාව නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීමක් – ඇමෙරිකා තානාපති
Next articleදුමින්ද නිදහස් – රටට ඔහු කොතරම් අවශ්‍ය ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here