දුමින්දගේ සමාව නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීමක් – ඇමෙරිකා තානාපති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දුන් සමාව නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
දුමින්ද සිල්වා මහතාට එරෙහිව ලබාදුන් තීන්දුව 2018 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද පසුබිමක ඔහුට සමාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඇය පවසන්නීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිරකරුවන් නිදහස් කිරීම තමන් පිළිගන්නා නමුත් දුමින්ද සිල්වා මහතාට සමාව දීම මගින් නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කරන බව ඇය ප්‍රකාශ කර ඇත.
වගවීම, නීතියේ ආධිපත්‍යයට ඇති සමාන ප්‍රවේශය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථවල මූලධර්ම බවත් ශ්‍රී ලංකා රජය ඒවාට කැප වී සිටින බවත් ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here