අවසන් තීරණය ඔබේ නම් නීතියක් කුමකටද? : හිරුණිකා ජනපතිගෙන් ප්‍රශ්න කරයි

‘මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා හත් දෙනෙකු විසින් ලබා දෙන ලද තීන්දුව කුණු කූඩයට විසිකර දමමින් අවසන් තීරණය ගන්නේ ඔබ නම් මේ රටේ නීතියක් කුමකටද?’ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රශ්න කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම ප්‍රශ්න කරමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම ලිපිය යොමු කර ඇති බව News19 වෙබ් අඩවිය වාර්තා කරයි.
එක රටක් එක නීතියක් යන තේමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද එම තේමාව හුදෙක් මැතිවරණය ජයග්‍රහණය සඳහා පමණක් යොදාගත් වචන පෙළක් බවට පත්වී ඇති බව ද ඇය සඳහන් කරන්නීය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here