*වීඩියෝ* මග නැගුම අයාලේ යයි ; සභාපතිට වැඩබලන සාමාන්‍යාධිකාරීගෙන් කනේ පහරක්

මග නැගුම ආයතනයේ සභාපතිවරයාට මීට දින කිහිපයකට පෙර එහි වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා විසින් පහර දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ආයතනයේ සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් මගනැගුම ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කපුවත්ත මහතා විමසීමක් කර ඇති අතර එම අවස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා විසින් සභාපතිවරයාගේ මුහුණට අතින් පහර දී තිබේ.

එම පහරදීමත් සමඟ එහි සිටි සභාපතිගේ රියදුරාා මැදට පැන වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා තල්ලු කර ඔහුට පහර දී ඇත.

වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා කලබලයෙන් එළියට පැමිණ තමාට පහර දුන් බව ප්‍රකාශ කිරීම නිසා එහි සේවකයන් කළබලයට පත්වී ඇති අතර පසුව සභාපතිවරයා පැමිණ වැඩබලන සාමාන්‍යාධිකාරීව ද ළඟ තබාගෙන සිද්ධිය පැහැදිලි කර තිබේ.

මග නැගුම ආයතනය වසර ගණනාවක සිට නිසි පාලනයකින් තොරව අයාලේ යන ආයතනයක් වන අතර වසර ගණනාවක සිට ස්ථිර සාමාන්‍යාධිකාරීවරයකු ද නැත. සිටින්නේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයෙකි.

මෙම ආයතනය අධිවේගී මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතනයකි. කැබිනට් අමාත්‍යවරයා වන්නෙනේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වන අතර ආයතනය ගැසට් මගින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ නිමල් ලන්සා මහතාය.‍‍

මගනැගුම ආයතනයේ සිදුවන නීති විරෝධී ගනුදෙනු සම්බන්ධයෙන් වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

සභාපතිවරයා පහරදීම ගැන පැහැදිලි කරන වීඩියෝව පහත දැක්වේ.

 

Previous articleවනාතවිල්ලුව සැකකරුවන් නිදහස් කරන්න අත්සන් කළ කෙනා වගකීම බාරගත යුතුයි – මෛත්‍රී : අත්සන් කර ඇත්තේ මෛත්‍රී – කොමිසම
Next articleහාල් මිලත් ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහෙයි : ගැසට්ටුවේ මිල 98යි : මහ බැංකු වාර්තාවේ 110යි : කඩේ 114යි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here