ජාලිය සේනාරත්න පීඒ තනතුරකට : අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බැලීමට

විනය හේතුන් මත බව සඳහන් කරමින් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාට ස්ථාන මාරුවීමක් ලබා දී ඇත.

ඒ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සිට කන්කසන්තුරය කොට්ඨාසය වෙතයි.

හෙතෙම උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත්කරනු ලැබ තිබේ.

එ අනුව ඒ මහතාගේ ස්ථාන මාරුවෙන් හිස් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බැලීම සඳහා දැනට නීති, විනය සහ කල්ක්‍රියා දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කරනු ලැබ සිටී.

රියාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේදී සහ නිදහස් කිරීමේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ජාලිය මහතාට එරෙහිව චෝදනා එල්ල විය.

ජාලිය සේනාරත්න මහතා කරන ලද එම ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගියදා රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේදී දොස් නැගීය.

ජාලිය සේනාරත්න මහතා කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් සොයාබලන බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

රියාද් බදියුදීන් මහතා ඉකුත් අප්‍රේල් 14 වැනිදා අත්අඩංගුවට ගැනීමේදී ඔහු පාස්කු බෝම්බකරුවන්ට සෘජුව සම්බන්ධ බව සේනාරත්න මහතා සඳහන් කළේය.

නමුත් පසුගියදා රියාද් බදියුදීන් මහතා සාක්ෂි නොමැති නිසා නිදහස් කරන බව පොලිසිය කීවේය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here