චීනය මැදිහත්වී මිනීමරු මියන්මාර් ජුන්ටාව බේරා ගත්හැටි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මියන්මාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා පාලනය ගැන තීරණයක් ගැනීමට රැස්වුවද චීනය තමන්ගේ නිශේධ බලය භාවිත කර මියන්මාරයට මැදිහත්වීමක් කිරීමට ආරක්ෂක මණ්ඩලයට ඉඩ නොදුන් බවද, මියන්මාර හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ චීනය යැයි එරට ජනතාව විශ්වාස කරන බවද හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලසූරිය මහතා පැවසීය.
මියන්මාරයේ හමුදාව එක රැයින් පැමිණ බලය ඇල්ලුවා නොව එය සැලසුම් සහගත ක්‍රියාවක් බවත්, එහි වගකීම අවුන් සාන් සුකී බාර ගත යුතු බවත්, රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ඇය අසමත්වූ නිසා ජනතාව පරාජය වී හමුදාව ජයග්‍රහණය කළ බවත් ආචාර්ය කලංසූරිය මහතා කීවේය.
පසුගිය මැතිවරණයේදී අවුන් සාන් දිනන බව දැන ගත් හමුදාව රකායන් ප්‍රශ්නය ඇති කළ බවත්, සංවිධානාත්මකව කල්ලි රකායන් ප්‍රදේශයට යවා මුස්ලිම්වරුන් ඝාතනය කර එම සම්පූර්ණ චෝදනා අවුන් සාන් වෙත පැටවූ බවත්, අන්තර් ජාතික අධිකරණය ඉදිරියේ හමුදාව වෙනුවෙන් පෙනී සිටීමට ඇයට සිදුවූ බවත්, හමුදාව ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇය ගෙන ගියත් අවසානයේ ඒ හමුදාව විසින්ම ඇය අත්අඩංගුවට ගනු ලැබූ බවත් රංග කලංසූරිය මහතා කීවේය.
ආචාර්ය රංග කලංසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ හිටපු වේත්‍රධාරී විජය පල්ලියගුරු මහතා විසින් රචිත ‘සෙංකෝලය රැකගත්තෙමි’ නම් කෘතිය ජන ගත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ඉන්දියාව සහ පිලිපීනය යන රටවල්වල සිදුවීම් උදාහරණයට ගනිමින් කලංසූරිය මහතා පැහැදිලි කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග පහළට ඇද වැටී තිබුණ ද රට ඇතුළේ දේශපාලන නායකයා ජනප්‍රිය වී සිටීම ගැන අවධානය යොමු කළ යුතු බවයි. චීනය මැදිහත්වී මියන්මාරය බේරාගත් හැටි ගැනත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස්වීම් ගැනත් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.
කලංසූරිය මහතා එම උත්සවයේ දී කළ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්…

Previous articleවව්නියාව ගම සමග පිළිසඳර – අද සැලසුම මෙන්න !
Next articleඅද තරුණ පරපුරට ලොකු අභියෝගයක් තියෙනවා : 71 මම හිටියෙ විරෝධය කණ්ඩායමේ – ගම්පහ හිටපු ප්‍රා.ලේ. රංජිත් සිරිලාල් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here