මැතිවරණ නීතිවල අඩුපාඩු හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාවක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
එම යෝජනාව එදින පස්වරුවේ සභාව කල් තැබෙන අවස්ථාවේදී සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
‍අදාළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත වන බවත් කථානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත් කරනු ලැබීමෙන් පසු මාස 06ක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවේ සඳහන් වන බවත් මහ ලේකම්වරයා සඳහන් කරයි.
දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති වල පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීම වන බවද සඳහන් වෙයි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here