පරිසර විනාශයක් ගැන වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට ප්‍රහාරයක්

මුලතිව් – මුරුප්පු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ⁣තේක්ක ගස් කැපීමේ ජාවාරමක් සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට මුරුප්පු ප්‍රදේශයේ දී එම දැව ජාවාරම්කරුවන් විසින් පහර දෙනු ලැබ තිබේ.

අද (12) සවස 3.00ට පමණ මෙම පහරදීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

ඔවුන් දෙදෙනා ibctamil.com වෙබ් අඩවියේ දෙමළ භාෂා මාධ්‍යවේදීන් දෙදෙනකු වන අතර මොවුන් දෙදනාට පහර දී රඳවාගෙන ඔවුන්ගේ ජංගම දුරකථනවල මෙන්ම කැමෙරාවල තිබූ ඡායාරූප සහ වීඩියෝ මකා දමා තිබේ.

මේ පිළිබඳ කළ විමසීමකදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් මේ වන එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

සිව් දෙනකු මෙම පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ල ලැබි ඇතැයි ද තවදුරටත් විමර්ශන සිදුකරන බව ද හෙතෙම පැවසීය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here