ප්‍රධාන පාසල් ළඟවත් සමාජ දුරස්ථභාවය නෑ : සිසුන් කිලෝමීටර් ගණන් පයින් ගිහින්

කොවිඩ්-19 රැල්ලක් හමුවේ ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකරන බවට බලධාරීන් ප්‍රකාශ කළද අද(12) ප්‍රධාන පාසල් ඉදිරිපිට දක්නට ලැබුණේ ද එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවන ආකාරයයි.

සිසුන් එක්රැස්වී සාකච්ඡා කරන ආකාරයද ඇතැම් ප්‍රධාන පාසල් ඉදිරිපිට සමාජ දුරස්ථභාවය නොමැති ආකාරයද දක්නට ලැබිණි.

එමෙන්ම ඇතැම් සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා කිලෝමීටර් ගණන් පාගමනින් යාමට සිදුව තිබේ. ඇතැම් සිසුන් පැවසූවේ තමන්ට රජයෙන් සපයන බව කී ප්‍රවාහන සේවා ලබාගැනීමට කිලෝමීටර් පහක් පමණ පයින් යාමට සිදුවූ බවයි. මේ හේතුවෙන් බොහෝ සිසුන්ට කුලී වාහන සොයාගැනීමට සිදුවූ බවත් මේ හේතුවෙන් තමන් බොහෝ සෙයින් අපහසුතාවට පත්වූ බවත් එම සිසුහු පැවසූහ.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here