‘පාඩම් උගන්වන විදිහ මං දන්නවා’ : ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව මාධ්‍ය සංවිධාන එක්වෙයි

මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් බියගැන්වීමක් බවත් එය බරපතල අනතුරු ඇඟවීමක් බවත් මාධ්‍ය සංවිධාන හයක් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මාර්තු 20 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේය.
එම ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල අනතුරක සේයාවක් මතු කරන බවත් ඒ සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බවත් මාධ්‍ය සංවිධාන එකතුව පවසයි. මාධ්‍ය නිදහස යනු මාධ්‍යය හිමිකරුවන්ගේ නිදහස නොවන බවටත් කරුණු විකෘති කර වාර්තා කිරීම වැරදි බවටත් ජනාධිපතිවරයා දරන අදහස සමග ගැටලුවක් නොමැති නමුත් මෙම ප්‍රකාශය හරහා කිසියම් මාධ්‍යයක් ඉලක්ක කරගෙන ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මෙමගින් ආණ්ඩුවට එරෙහිව විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කරන මාධ්‍ය බියගැන්වීමකට ලක්කරන බව ද මාධ්‍ය සංවිධාන එකතුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය යන මාධ්‍ය සංවිධාන එකතුව විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම තත්ත්වය, මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන් ඇතුලු අදාළ සියලු පාර්ශව බියගැන්වීමක් මෙන්ම ඒ හරහා මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමක් සිදු කෙරෙන බව ද එම සංවිධාන පෙන්වා දෙයි. එබැවින් මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබද ගැටළු මතුකරවන මෙවැනි ප්‍රවේශයන්ගෙන් වැළකී, ඒ සඳහා ස්වාධීන සහ නිදහස් පරිසරයක් ඇති කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත්, සෙසු සියලු පාර්ශව වෙතටත් බලකර සිටින බව එම සංවිධාන අවධාරණය කරයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ‘ඒවා මාත් එක්ක බෑ, මම දන්නව පාඩම් උගන්නන්න. යුද්ධ කාලයේ අපට විරුද්ධව වැඩ කළ අය ඒවයෙ ඉන්නව, ආපහු නැගිටල’ යනුවෙන් වන කොටස පසුගිය කාලසීමාවන්හිදී ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවූ තවමත් නොවිසදුණු අපරාධ සිහිගන්වන බවට කණගාටුවෙන් යුතුව සඳහන් කළ යුතුයැයි ද එම නිවේදනයේ දැක්වෙයි.
ජනාධිපතිවරයා ගම සමග පිළිසඳර වැඩසටහනේදී මෙසේ ප්‍රකාශ කළේය.
“මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩ කොටසක්. නිදහස් චතුරශ්‍රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා. පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්. හන්තානේ සුද්ධ කරද්දි අඬන්න කෙනෙකුත් නෑ, අඬවන්න කෙනෙකුත් නෑ. දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහාගේ නිදහස නොවෙයිනේ. මාධ්‍ය නිදහස කියන්නේ ඒක නොවෙයි. ඒක මාෆියාවක්. මාධ්‍ය අයිතිකාරයාට ඕනෑ විදිහට රට දුවන්න හදනවා නම් ඒක මාෆියාවක්. ඒකයි වෙන්නේ. අපේ රටේ රජවරුත් නෑ මහාරාජලත් නෑ. මහා රාජලා හිටියෙ ඉන්දියාවෙ. මෙහේ මේ මාෆියාව රටවල් පාලකයො පාලනය කරන්න හදනවා. ඒව මාත් එක්ක බෑ. මං දන්නවා ඒවට පාඩම් උගන්වන්න ඕනෑ නම් උගන්වන විදිහත් මං දන්නවා. මං මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මාස 14 ක් මං පාලනයක් කළා. කිසිම මාධ්‍යයකට කිසිම බලපෑමක් මං කරලා නෑ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකටත් නීති තියෙනවා. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒව මං ක්‍රියාත්මක කරනවා. ඒ මාධ්‍ය විතරක් නොවෙයි ජාතික චින්තනයේ ඉන්න සමහර අයත් මේ කුඹුක් ගස් කැපුවා කියලා බොරු ප්‍රචාර දාලා තිබුනා. මං හොයලා බැලුවා කව්ද කියලා. මේවායේ ඉන්නවා, අපේ යුද්ධය කාලෙ ඔය මාධ්‍ය තමයි අපිට විරුද්ධව වැඩ කළේ. ඒ අයම තමයි දැන් කණ්ඩායමක් රිංගගෙන දැන් මේවා ප්‍රචාරය කරනවා. අපි යුද්ධ කාලේ අපට විරුද්ධව වැඩ කරපු අයම තමයි දැන් ආපහු නැගිටලා. ඒ අයම තමයි දැන්. කණ්ඩායමක් රිංගගෙන මේවා ප්‍රචාරය කරනවා. ඕව බැලුවම ඕව තමයි හාමුදුරුවනේ මේ එන්නේ. ඒ කාලේ යුද්ධේ කරන කාලේ යුද්ධය කරනවාට විරුද්ධව වැඩ කරන කණ්ඩායම්ම තමයි දැන් ආපහු නැගිටලා. මේවා ඒගොල්ලෝ දැක්කේ නෑ ඒ කාලේ, ඇයි ඒගොල්ලන්ට අවශ්‍ය රජයවල් නේ බිහි කරගෙන තිබ්බේ. ඒ කාලේ මේවාමුකුත් නෑ හරියට මම ඇවිල්ල මේ කැළෑ කපුවා වගේ. ජනතාව මුලා කරන්න බොරු ප්‍රචාර ගෙනියනවා. ඒවාට රැවටෙන්න එපා. මේවා රටට ආදරේ, අපේ සංස්කෘතියට ආදරේ කරන, අපේකම රකින, දේශීයත්වය රකින,”
Previous articleසැකකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනාධිපතිගේ ගැසට් පත්‍රය ජාත්‍යන්තර නීතිවේදීහු හෙළා දකිති !
Next articleලංකාවට එරෙහි චෝදනා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනියි – විදෙස් ඇමති දිනේෂ්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here