යළි අත්අඩංගුවට නොගන්නැයි රියාද් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් යළි වරක් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවක් ති⁣⁣බෙන හෙයින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාද් බදියුදීන් මහතා අභියාචනාධිකරණයට අද (13) රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෞරි සංකර තවරාසා මහත්මිය මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත. වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන වෙදිසිංහ මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් මහතා ඇතුළු හත් දෙනෙක් මෙම පෙත්සමේ වගඋත්තරකරවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here