රිෂාඩ්ට එරෙහිව වරෙන්තු ගන්න නීතිපතිගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

2019 ජනපතිවරණය සමයේ අවතැන්වූවන් ප්‍රවාහනය කිරීම මගින් රාජ්‍ය අරමුදල් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස දැනුම් දී තිබේ.

 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here