මාධ්‍යවේදීන්ට පහරදීම ගැන පරීක්ෂණයක් – ජනමාධ්‍ය ඇමති

 

මුලතිව් ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මුලතිව් ප්‍රදේශයේ නීතිවිරෝධි අයුරින් ගස් කැපීමක් සිදු කිරිම සම්බන්ධයෙන් එය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එම ස්ථානයේ සිටි පුද්ගලයින් පහර දිමක් සිදු කර ඇති බවට වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් සිදු කිරීමට පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීවේය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here