ඔබත්, පවුලේ අයත් හිතුවොත් එක් දිනක් තුළ ජනතා ප්‍රශ්න බහුතරයක් විසඳන්න පුළුවන් – ආනන්ද සංගරී අගමැතිට ලියයි !

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වැනි සන්නද්ධ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එක්ව දේශපාලනයේ යෙදීසිටීමත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන්දු – ලංකා ගිවිසුම අවස්ථාවේ ප්‍රශ්න ඇතිකිරීමට නායකත්වය දුන් පාර්ශ්ව නිදහස්ව සිටීමත් එක්ව ගෙන බලන විට, පිල්ලෙයාන් සහ කරුණා අම්මාන්ගේ නායකත්වය යටතේ අපරාධ සිදු කළ තරුණයන් දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටීම බරපතළ අසාධාරණයක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් අවධාරණය කර සිටී.

අද (10) අගමැතිවරයා වෙත යොමුකර ඇති මේ ලිපියේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ලංකාවේ ජනතාව සතුටින් තැබීමේ වගකීම අගමැතිවරයා සහ ඔහුගේ සහෝදරයා වන ජනාධිපතිවරයා ප්‍රමුඛ පවුලට තිබෙන බවයි. පොදු සමාව ලංකාවට අලුත් දෙයක් නොවන බවත්, එවැනි ක්‍රමයක් මගින් අදාළ තරුණයන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම ආණ්ඩුවේ නායකයන්ගේ වගකීමක් සහ යුතුකමක් බවත් ආනන්ද සංගරී වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත.
එම ලිපියේ මෙසේ ද සඳහන් ය.
‘2006 නිදහස් උත්සවයේ ඔබ කළ කතාවේදී අපි එල්ටීටීඊයේ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන නමුත්, ජනවාර්ගික සුළුතරයන්ගේ විශේෂයෙන් දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවම වශයෙන් ආනන්ද සංගරී වැනි අයගේ ඉල්ලීම් ඉටුකළ යුතු බව පැහැදිලිවම කියා සිටියා. …….. නිදහස් දින කතාවේදී ඔබ කී ආකාරයෙන්ම කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කළෙමු. එහෙත් අපේක්ෂා කළ පරිදි ඔබ කිසිවක් සිදු කළේ නැහැ. යළිත් කාලය වෙනස් වී ඔබ යළිත් අගමැති ලෙසත්, ඔබේ සහෝදරයා ජනාධිපති ලෙසත්, ඔබේ පවුලේ සාමාජිකයන් ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙසත් කටයුතු කරනවා. ඔබත්, ඔබේ පවුලේ අයත් සිතුවොත් එක් දිනක් තුළ රටේ ජනතාවගේ ගැටළු බහුතරයකට කඩිනම් විසඳුම් ලබාදිය හැකියි.’
Previous articleරක්ෂිතය ගැසට් කරනවා නම් නීතිවිරෝධී ව්‍යාපෘති ආරම්භ කරන්නේ ඇයි ? – සූරියවැව ගොවි සංවිධාන : කලබල කිරීම ප්‍රහේලිකාවක් – චමල් රාජපක්ෂ
Next articleවතු සේවක වැටුප් වැඩිකිරීම : රජය නියෝගයක් දුන්නොත් පිළිපදින්න ඕන – වැවිලිකරුවන්ගේ සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here