සජීවී රූපවාහිනී වැඩසටහනක් වාරණයට ලක්කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ජයග්‍රහණය කරයි !

2008 නොවැම්බර් 04 වැනිදා ජාතික රූපවාහිනියේ විකාශනය වෙමින් තිබූ ‘ඉරා අඳුරු පට‘ සජීවී සංවාද වැඩසටහන හදිසියේ වාරණයට ලක් කිරීමට එරෙහිව වසර 12ක් තිස්සේ විභාග වෙමින් පැවති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධ නඩු තීන්දුව ප්‍රකාශයට පත් ව තිබේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එවකට හිටපු කැඳවුම්කරු උවිඳු කුරුකුලසූරිය සහ රාවය පුවත්පතේ එවකට විශේෂාංග කර්තෘවරයා වූ ජයසිරි ජයසේකර විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
එම වැඩසටහනට අදහස් දැක්වීම සඳහා සහභාගී වූ උවිඳු කුරුකුලසූරිය, අදාළ වාරණය නිසා තම අදහස් පළ කිරීමේ අයිතිය උල්ලංඝනය වූ බවටත්, ජයසිරි ජයසේකර රූපවාහිනී ප්‍රෙක්ෂකයකු හා පුරවැසියකු ලෙස තම තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය වූ බවටත් අදාළ පෙත්සම් මගින් කරුණු දක්වා තිබිණි. ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා ලෙස ක්‍රියා කළේය.
පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණය කළ ශ්‍රෙෂ්ඨාධිකරණය, පෙත්සම්කරුවන්ට රුපියල් 30,000 බැගින් වන්දි ගෙවන ලෙස රූපවාහිනී සංස්ථාවටත්, රුපියල් 50,000 බැගින් ගෙවන ලෙස එවකට රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාව සිටි මහාචාර්ය ආරියරත්න ඇතුගලටත් නියම කර තිබේ.
Previous articleඅන්තවාදය විවේචනය කළ ඇමරිකානු ලේඛකයාගේ ඝාතනයට බංග්ලාදේශයෙන් දඩුවම් !
Next articleබටහිර ජැටිය පිටට දෙන්න එපා – වරායෙන් ජනපතිට ලිපියක් : හැමදේටම විරුද්ධවෙන්න අපිට බෑ – ආණ්ඩුවේ වෘත්තීය සමිතිය කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here