ඉල්ලීම් 11ක් වෙනුවෙන් දිවයින පුරා රෝහල් 31ක සංකේත වැඩ වර්ජනයක්

 

ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අද (17) දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ සංකේත වැඩවර්ජනයක නිරත වූහ.
එම ඉල්ලීම් තව දුරටත් සෞඛ්‍ය බලධාරීන් විසින් නොසලකා හරින්නේ නම් සියලු රෝහල් ඒකාබද්ධ කොට දැඩි ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
එම සංගමයේ සභාපති චමින්ද නිලන්ත මහතා ප්‍රකාශ කර සිටියේ කෝවිඩ් අවදානමේ පවා තමන් පැය 48 ක් සතියකට සේවයේ නිරතවන නමුත් ඒ සඳහා කිසිදු දීමනාවක් හෝ නොගෙවීම ඉතා අසාධාරණ බවත් ය.
කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කලුබෝවිල), උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම), අනුරාධපුර ශික්ෂණ රෝහල, නුවරඑළිය මහ රෝහල, කෑගල්ල මහ රෝහල, කලුතර (නාගොඩ) මහ රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල, හම්බන්තොට මහ රෝහල, දඹුල්ල මූලික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, මහඔය මූලික රෝහල, වාලච්චේන මූලික රෝහල, පානදුර මූලික රෝහල, බේරුවල මූලික රෝහල, මීරාවෝඩෙයි ප්‍රාදේශීය රෝහල, ලේනදොර ප්‍රාදේශීය රෝහල, විල්ගමුව ප්‍රාදේශීය රෝහල සහ රඹුක්කන දිසා රෝහල ඇතුළු රෝහල් 31 ක සෞඛ්‍ය කණිෂ්ඨ කාර්යමණ්ඩලය සම්බන්ධ වී ඇත.
ඔවුන්ගේ ඉල්ලීම් පහත පරිදි වේ.
1.සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 එකක දීමනාවක් ලබාගැනීම.
2.දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් වහා ස්ථීර කරගැනීම.
3.නිල ඇඳුම් දීමනාව රු.15000 ක් කරගැනීම.
4.සියලු සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
5.ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
6.අතිකාල රේට් ක්‍රමයට ලබාගැනීම.
7.උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව නැවත ලබාගැනීම.
8.රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය පියවාගැනීම.
9.විධිමත් බඳවාගැනීම් පටිපාටියක් සහ විධිමත් රාජකාරි ලයිස්තුවක් ලබාගැනීම.
10.කළමනාකරන සේවා විභාගය සමතුන්ට පත්වීම් ලබාදීම සහ වයස 45 ට වැඩි විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබාගැනීම
11.ආණ්ඩුවේ මිලිටරිකරණ උවමනාවන් මත සිදුකරන අවිධිමත් බඳවාගැනීම් වහා නැවැත්වීම

 

Previous articleකණිෂ්ඨ සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීම් 11ක් : පිළිතුරු නැත්නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්
Next articleඅන්තවාදය විවේචනය කළ ඇමරිකානු ලේඛකයාගේ ඝාතනයට බංග්ලාදේශයෙන් දඩුවම් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here