(නිලූක සඳුන්)
ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සහ කණිෂ්ඨ සෞඛ්‍ය සේවකයින් රැසක් මාස කිහිපයක සිට විරෝධතා සහ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටී.
එලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තද මෙතෙක් කිසිදු ඉල්ලීමකට පිළිතුරු නොලැබුණ බව එම සංගමය කියයි. ඉකුත් දෙසැම්බර් 02 වැනිදා, දෙසැම්බර් 10 වැනිදා ජනවාරි 06 වැනිදා සහ ජනවාරි 19 වැනිදා ඇතුළු දින ගණනාවක දී මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග සහ විරෝධතා පැවැත්වූ අතර එම සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරිය, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට ද ලිපි මගින් දැනුම්වත් කර තිබිණි.

ඉල්ලීම් 11
1.සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 එකක දීමනාවක් ලබාගැනීම.
2.දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් වහා ස්ථීර කරගැනීම.
3.නිල ඇඳුම් දීමනාව රු.15000 ක් කරගැනීම.
4.සියලු සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
5.ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
6.අතිකාල රේට් ක්‍රමයට ලබාගැනීම.
7.උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව නැවත ලබාගැනීම.
8.රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය පියවාගැනීම.
9.විධිමත් බඳවාගැනීම් පටිපාටියක් සහ විධිමත් රාජකාරි ලයිස්තුවක් ලබාගැනීම.
10.කළමනාකරන සේවා විභාගය සමතුන්ට පත්වීම් ලබාදීම සහ වයස 45 ට වැඩි විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබාගැනීම
11.ආණ්ඩුවේ මිලිටරිකරණ උවමනාවන් මත සිදුකරන අවිධිමත් බඳවාගැනීම් වහා නැවැත්වීම
සති දෙකකින් විසඳුම් නැත්නම් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්
එම ඉල්ලීම් මුල්කරගෙන රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් හෙට(17) දිනයේ පෙ.ව 08 සිට මධ්‍යහන 12 දක්වා රෝහල් 40ක සේවයෙන් බැහැර වීමට නියමිත බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ MediaLK වෙත පැවසූහ.
කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කලුතර නාගොඩ, හම්බන්තොට, ත්‍රිකුණාමලය, කෑගල්ල, නුවරඑළිය යන මහ රෝහල්වලද, වාලච්චේන , හෝමාගම, බලපිටිය , කඹුරුපිටිය , ගම්පොළ , දඹුල්ල, පානදුර, බේරුවල , වරකාපොල, කින්නියා ඇතුළු මූලික රෝහල් 12 කද, මාතලේ,හෙට්ටිපොළ , ලග්ගල ඇතුළු ප්‍රාදේශීය රෝහල් 20 ක පමණද මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන බව ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
