මියන්මාර සිදුවීම : ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් – ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට බරපතළ අගතියක් හා හානියක් ලෙස සලකන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මියන්මාරයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් පසුව, එම පාලන ක්‍රමය බැහැර කිරීම පිළිබඳව බලවත් කනස්සල්ල ප්‍රකාශ කරන බවද ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණ ක්‍රියාදාමය භාරව සිටින මියන්මාර මැතිවරණ කොමිසමේ සභාපති වූ ලා තෙයින් ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව බලවත් කම්පනයට පත්ව සිටින බවත්, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සිදුකරනු ලබන්නේ ඔවුන්ට නීතිය මගින් පැවරී ඇති නීත්‍යනුකූල කාර්යයක් වන හෙයින් එම රාජකාරිය ඉටුකිරීම හේතු කොටගෙන ඔවුන්ට සිරගත වීමට සිදුවීම ⁣ශෝචනීය තත්ත්වයක් බවත් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඔවුන් නිදහස් කිරීමට ක්‍රියා කරන ලෙස අදාළ බලධාරීන් වෙතින් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දැක්වේ. මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන් නිදහස් කරගැනීමට හැකි උපරිම බලපෑම් කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු බලවේගවලින් ඉල්ලා සිටින බවද එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Previous articleවසර 35කට වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ – ජපානයේ කැමැත්තට පවරයි ?
Next articleවිදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්නගන්න බැරි නිරෝධායන පහසුකම් නැති නිසයි – කම්කරු අමාත්‍ය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here