කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ බරපතළ කතාබහක් නිර්මාණය වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අනුව ආණ්ඩුව විසින් මේ ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජනය සඳහා ලබාදීමට තීරණය කර ඇත. ඊට වරායේ සියලුම වෘත්තීය සමිති විරුද්ධ ය. ආයෝජන නමින් කරන මේ විකිණීම බරපතළ වරදක් බව ඔවුහු පෙන්වා දෙති. මේ ආයෝජන-විකිණීම් කතා සහ කොළඹ වරායේ ඇත්තටම සිදුවුණේ සහ සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමයේ සභාපති ආර්.පී.පී. ක්‍රිෂාන්ත මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.
