ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඉල්ලීම් වෙනුවෙන් විරෝධතාවයේ

ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද (15) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

දින 180 සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් ස්ථිර කිරීම, ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම, සියලු සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම, සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාගැනීම,
නිල ඇඳුම් දීමනාව රුපියල් 15000 ක් කිරීම ඔවුන්ගේ ඉල්ලීම් බව එම සංගමය ප්‍රකාශ කළේය.

එම සංගමය මෙසේ සඳහන් කළේය.
.
” විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ කළ පාගමන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගමන් කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි. එහෙත් පොලිසිය මැදිහත්වී ලිෆ්ටන් වටරවුමේදී පාගමන නැවැත්වීමට මැදිහත් වූ අතර, පැයකට ආසන්න කාලයක් වටරවුම අසල උද්ඝෝෂණය සිදුකරන ලදී.

සෞඛ්‍ය ඇමති සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියද එය ප්‍රමාදවීම නිසා පාගමන සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසට ගමන් කළ අතර අනතරුව සාකච්ඡාවක් ලබාදෙන ලදී. එහිදී සංගමය නියෝජනය කරමින් ජාතික සංවිධායක වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු, සභාපති චමින්ද නිලන්ත, ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි, උප ලේකම් දුලානි ශාගරිකා සහ ආදේශක සොයුරු සොයුරියන් නියෝජනය කරමින් එක් සහෝදරයෙක් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.”

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here