බඩු මිල අඩු කරනු ! – නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක

බඩු මිල අඩුකරන ලෙසත් තවත් බදු නොගසන ලෙසත් ඉල්ලා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (04) මහරගමදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

එහිදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

“අද දවසේ අපි නිදහස උදෙසා කාන්තාවෝ විදියට රටේ සාමාන්‍ය ජනතාව පත්වෙලා තියෙන බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන දෙයක් බඩු මිල වැඩිවීමට එරෙහිව තමයි මේ උද්ඝෝෂණය සංවිධානය කළේ. මේ වෙලාවේ සාමාන්‍ය ජනතාව කන්න නැතිව ජීවත් වෙන්න විදියක් නැතිව බරපතල තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා මේ රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරලා මේ රටේ සල්ලි තියෙන මිනිස්සුන්ට වැඩ කරන මිනිස්සු පීඩාවට පත්කරලා සල්ලි තියෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් හදලා දීලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මේ රටේ දුක් විඳින කම්කරුවෝ ගොවියෝ පීඩිතයෝ හැම මිනිහෙක්ම තමන්ට ජීවත් වෙන්න විදියක් නැතිව මේ ⁣මොහොතේ පීඩාවට පත්වෙලා ඉන්නවා.

රුපියල් 5000ක් දීලා කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙයල්ලා කියන පාලකයෝ තමන් මේ මොහොතේ තමන්ට අවශ්‍ය කරන දේවල් සූදානම් කරමින් ඉන්නවා.

අපි විශ්වාස කරනවා මේ වෙලාවේ කඩේකට ගිහිල්ලා රුපියල් 1000ක් දීලා මිනිස්සු කන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරමින් ඉන්නවා. තමන්ගේ දරුවන්ට කිරි පැකට් එකක් අරන් දෙන්න විදියක් නැතිව අම්මලා දුක් විඳිමින් ඉන්නවා. තමන්ගේ දරුවන්ට කන්න වේලක් දෙන්න විදියක් නැතිව අම්මලා අඩමින් ඉන්නවා. තමන්ගේ දරුවෝ ජීවත් කරන්න විදියක් නැතිව මේ රටේ දෙමාපියන් දුක් විඳිම්න් ඉන්නවා. ”

ඇය කළ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්…

Previous articleහාල් – සීනි මිලට වුණු දේ විදුලි බිලටත් වෙයිද?
Next articleමහජන උපයෝගීතා කොමිසම වහන්න එපා – වාසු ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here