සෞඛ්‍ය ජනරාල්ගේ නිර්දේශවලට පටහැනිව පාසල් ආරම්භ කරලා – ලංකා ගුරු සංගමය

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවල කෝවිඩ්-19 පැතිරීමේ තෙවන මට්ටමේදී පාසල් වැසිය යුතු බව සඳහන් කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු පූර්ව සූදානමක් හෝ නිසි සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් රහිතව පාසල් ආරම්භ කර ඇති බව ලංකා ගුරු සංගමය කියයි.

බස්නාහිර පළාත සහ හුදකලා කළ ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල සියලු පාසල් නොවැම්බර් 23 වැනිදා තෙවැනි වාරය සඳහා ආරම්භ කරන ලදී.

ඉකුත් නොවැම්බර් 08 දිනැතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති කෝවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය නිර්දේශවල කෝවිඩ් 19 ව්‍යාප්තියේ මට්ටම් 4ක් දක්වා එම එක් එක් මට්ටමේ දී කටයුතු කළ යුතු ආකාරය ද දක්වා ඇති අතර එහි තෙවන මට්ටමේ ව්‍යාප්තිය තුළ දී පාසල් වසා දැමිය යුතු බව එහි සඳහන් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ හා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම පරස්පර විරෝධී තත්ත්වයක් බව ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙසේ පරස්පර තත්ත්වයක් යටතේ රාජ්‍ය ආයතන කටයුතු කිරීම නිසා ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන්ගේ සහ දෙලක්ෂ හතලිස් හත්දහසක් පමණ වන ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන පද්ධතිය කෝවිඩ් අවදානමට ලක් කිරීමක් සිදුවන බව ද එම සංගමය පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව කෝවිඩ්-19 පැතිරීම තෙවන මට්ටමේ පැවතියදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම පිළිබඳව පවතින පරස්පර තත්ත්වය සම්බන්ධයෙන් කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය විසින් වහා පැහැදිලි කිරීමක් කළ යුතු බව එම සංගමය පවසයි.

එහ් මෙසේ ද සඳහන් වෙයි.

” මේ වන විට කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය ශී‍්‍ර ලංකාව තුළ තෙවන මට්ටමේ පවතින බවට කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය 2020.11.24 දින පැවති පවත්වන ලද සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

එම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි වී ඇත.

කෝවිඞ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව 2020.11.08 දිනැතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති ලිපියෙහි කෝවිඞ් 19 ව්‍යාප්තියේ මට්ටම් 4 ක් දක්වා ඇති අතර, එම එක් එක් මට්ටමේ දී කටයුතු කළ යුතු ආකාරය ද දක්වා ඇත. ඒ අනුව කෝවිඞ් 19 තෙවන මට්ටමේ ව්‍යාප්තිය තුළ දී පාසල් වසා දැමිය යුතු බව එහි සඳහන් වේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවල කෝවිඩ් 19 තෙවන මට්ටමට ව්‍යාප්තවීමේදී පාසල් වැසිය යුතු බව පැහැදිව ප‍්‍රකාශ කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කිසිදු පූර්ව සූදානමකින් හෝ නිසි සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රමවේද පිළිබඳ වැඩපිළිවෙලක් රහිතව බස්නාහිර පළාත සහ හුදකලා කළ ප‍්‍රදේශ හැර අනෙකුත් ප‍්‍රදේශවල පාසල් නොවැම්බර් 23 දින ආරම්භ කරන ලදී.”

Previous articleශානි අබේසේකරට හෘදයාබාධයක් : මානව හිමිකම් කොමිසමෙන් දෙවැනි වතාවටත් ලිපියක්
Next articleඅතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here