ශානිගේ ආරක්ෂාව ගැන තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇති බවටත් ඔහු මේ වන විට මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනැවිත් ඇති බවටත් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානය තහවුරු කර ඇති අවස්ථාවක මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන ලෙසත්, ඔහුගේ ආරක්ෂාව ගැන සලකා කොළඹ අයි.ඩී.එච් රෝහල වැනි රෝහලකට ඇතුළත් කිරීමට නිර්දේශ කරන ලෙසත් එම සංගමය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ බව ඉල්ලා තිබේ.

ශානි අබේසේකර මහතාගේ ජීවිතයට ඇති තර්ජන සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මීට පෙර අගවිනිසුරුවරයා ඇතුළු පාර්ශ්ව කිහිපකට ලිඛිතව දැනුම් දී තිබූ බවද ඒ සම්බන්ධයෙන් ද සොයා බලා කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා සිටින බව එම සංගමය එම ලිපියේ දක්වා ඇත.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි ඒ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව හෝ වෙනත් ස්ථානයකට මාරු කළ බවක් මේ වන තෙක් ඔහුගේ බිරිඳට නිල වශයෙන් දැනුම් දී නැතැයි ද එම සංගමය පවසයි.

Previous articleකොරෝනා නිසා බදියුදීන්ට ඇප
Next articleඉහළ පොලිස් ලොක්කන් මාරු කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්ට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here