කොරෝනා නිසා බදියුදීන්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (25) නියෝග කළේය.

රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැරුණු බදියුදීන් මහතාට විදේශ ගමන් තහනමක් ද පැනවීමට ද නියෝග කෙරිණි.

බන්ධනාගාරය තුළ කොරෝනා පැතිරීම විශේෂ කාරණයක් සේ සලකා මෙලෙස ඇප ලබා දී තිබේ.

පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ඔක්තෝබර් 20 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ සීඅයිඩි නිලධාරීයෙක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ රාසික් සරූක් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂිරාස් නූර්දීන් යන මහත්වරු බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරයෙන් මුදාහැරෙනු ඇත.

Previous articleශානිගේ ඇප නඩුව හෙට ; අද වෙනකොට කොවිඩ්ලු
Next articleශානිගේ ආරක්ෂාව ගැන තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here