Blog : කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළට

Update : 21.45 PM

තවත් කොවිඩ්-19 ආසාදිත මරණ හතරක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම මරණවල විස්තර පහතින්


Update : 21:32 PM

තවත් කොරෝනා ආසාදිතයින් 171ක් තහවුරු වූ බවද ඒ අනුව අද (24) තහවුරු වූ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 458ක් බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update : 18:13 PM

තවත් කොරෝනා රෝගීන් 287 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 17:57 PM

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 10:52 AM

කොරෝනා ආසාදිතයින් 35 දෙනකු තහවුරු වීම හේතුවෙන් වත්තල පල්ලියේ පාරේ පිහිටා ඇති කම්කරු නිවාස යෝජනා ක්‍රමය ප්‍රදේශය හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


2020.11.23


 

Update : 22.40 PM

තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එ අනුව මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් බව එම දෙපාර්තමේන්තුව කියයි.

එම මරණවල විස්තර පහතින්..


Update : 22.10 PM

අද (23) තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 335ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කියයි.


Update : 18.30 PM

තවත් කොරෝනා ආසාදිතයින් 204 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update 14.20 PM

වයස අවුරුදු 82ක් වයසැති බන්ධනාගාර රැඳවියකු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ද ඔහුට කොරෝනා ආසාදිත බවට මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූ බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


2020.11.22


Update : 23.00 PM

තවත් කොරෝනා ආසාදිත මරණ හතරක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඉන් තුනක්ම රෝහලට ඇතුළත් කිරීමට පෙර  සිදුවූ මරණ බව ද ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 87 ක් බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

එම මරණවල විස්තර පහතින්


Update : 22.10 PM

තවත් කොරෝනා ආසාදිතයින් 216 දෙනකු තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (22) තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 391ක් වන අතර මෙරට තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20171 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා රෝගීන් 6019 දෙනකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවද කොරෝනා ආසාදිත වූ රෝගීන් 14069 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.


Update : 18.45 PM

තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 12.30 PM

පදිංචි තොරතුරු නොමැති 60 දෙනකු ඊයේ (21) තහවුරු වූ ආසාදිතයින් අතර සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම පෙරේදා(20) දිනයේදීත් කිසිදු දිස්ත්‍රික්කයකට හෝ ස්ථානයකට අයත් නොවන ‘වෙනත්’ ලෙස සඳහන් ආසාදිතයින් 39 දෙනකු එම මධ්‍යස්ථානයේ දත්තවල සඳහන් විය.

ඔක්තෝබර් 04 වැනිදා සිට පෙරේදා වන විට එලෙස වෙනත් ලෙස සඳහන් ආසාදිතයින් 210 දෙනකු ගැන සඳහන් වී තිබිණි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 292 දෙනකුද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87 දෙනකු ද තහවුරු වී ඇත.

දිස්ත්‍රික්ක අනුව ඊයේ කොරෝනා ආසාදිතයින් තහවුරු වූ ආකාරය

කොළඹ – 292
ගම්පහ – 87
ගාල්ල – 04
අනුරාධපුර – 01
පුත්තලම – 01
කුරුණගල – 17
නුවරඑලිය – 03
රත්නපුර – 05
බදුල්ල – 01
කෑගල්ල – 01
මාතලේ – 01
කළුතර – 11
නුවර – 07
තොරතුරු නැති – 60


Update : 7.45 AM

කළුතර දිස්ත්‍රික්කයේ බමුණුමුල්ල, බෝගහවත්ත, කිරිමන්තුඩාව, කෝරාවල, අටලුගම-බටහිර, ගලගහමණ්ඩිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාස නැවත දැනුම් දෙන තුරු හුදකලා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල සහ කඩවත යන පොලිස් බල ප්‍රදේශත් හෙට (23) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේ නමුත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසය තවදුරටත් නැවත දැනුම් දෙන තුරු හුදකලා තත්ත්වයේ තැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ

  • මීගමුව
  • රාගම
  • වත්තල
  • කැලනිය

කොළඹ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ

  • මට්ටක්කුලිය
  • මෝදර
  • බ්ලූමැන්ඩල්
  • කොටහේන
  • ග්‍රෑන්ඩ්පාස්
  • වෙරළබඩ
  • ආදුරුප්පු වීදිය
  • මාළිගාවත්ත
  • දෙමටගොඩ
  • කෙසෙල්වත්ත
  • මරදාන
  • පිටකොටුව
  • වේල්ලවීදිය

2020.11.21


Update : 23.30 PM

අද(21) දින තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය මෙතෙක් මෙරට දිනකට තහවුරු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. ඒ අනුව මෙරට වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

එම මරණවල විස්තර පහතින්.


Update : 22.45 PM

තවත් කොරෝනා ආසාදිතයින් 230 දෙනකු වාර්තා වූ බවත් අද (21) තහවුරු කෙරුණු මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 487ක් බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 18.20 PM

තවත් ⁣කොරෝනා ආසාදිතයින් 257 දෙනකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 12.15 PM

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදෙකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

අටුළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද එම මධ්‍යස්ථානය පවසයි.


2020.11.20


Update : 22.45 PM

තවත් කොවිඩ්-19 ආසාදිත මරණයක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙරට වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 74 ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මියගිය පුද්ගලයා කොළඹ 02 පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව ද කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති බව ද මරණයට හේතුව කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Update : 22.15 PM

අද(20) තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 435ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 215ක් හඳුනාගැනීමත් සමගය.


Update : 18.30 PM

තවත් කොරෝනා රෝගීන් 220 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 12.30 PM

කොරෝනා ආසාදිතයකු තහවුරු වීම හේතුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ
වැල්ලම්පිටිය කඳවුර දින 14කට ලොක්ඩවුන් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 12.00 PM

සති අන්තයේ එනම් හෙට (21) සහ අනිද්දා (22) කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


2020.11.19


Update : 23.45 PM

අද (19) වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ හතර කොළඹ සහ කළුතර යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් ඉන් මරණ දෙකක්ම නිවසේදී සිදුව ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අතර 27 හැවිරිදි තරුණියක ද සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම මරණවල විස්තර පහතින්…


Update : 23.10 PM

තවත් කොරෝනා මරණ හතරක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 73ක් බව එම අංශය සඳහන් කරයි.


Update : 22.00 PM

තවත් කොරෝනා රෝගීන් 194ක් තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 437ක් බව ද එම මධ්‍යස්ථානය පවසයි.


Update : 18.00 PM

අද මේ වන විට කොරෝනා ආසාදිතයින් 243 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව මෙරට තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 18645 දක්වා ඉහළ ගොස් තිබේ.


Update : 12.15 PM

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පාසල් නොවැම්බර් 23 වැනිදා සිට 06 – 13 ශ්‍රේණි සඳහා නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.


2020.11.18


Update : 21.30 PM

තවත් ආසාදිතයින් 92 දෙනකු තහවුරු වීමත් සමග අද (18) හඳුනාගත් මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 325ක් බවට පත්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update : 21.20 PM

තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 69ක් බව එම දෙපාර්තමේන්තුව කියයි. මින් මරණ දෙකක්ම නිවසේදී සිදුව ඇත.

එම මරණවල විස්තර පහතින්.


Update : 18.00 PM

තවත් කොරෝනා ⁣රෝගීන් 223 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 8.00 AM

බන්ධනාගාර මූලස්ථානයෙන් කොරෝනා ආසාදිතයෙකු තහවුරු වී ඇති බවත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනකුද වැලිකඩ බන්ධනාගාරයෙන් සහ නිව් මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 05 දෙනකු බැගින් ද ඊයේ (17) තහවුරු වී ඇති බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙක් ඊයේ කොරෝනා ආසාදිතයින් 201 දෙනකු තහවුරු වී තිබේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82 දෙනකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 දෙනකු ද හඳුනාගෙන ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

ඊයේ කොරෝනා රෝගීන් තහවුරු වූ ප්‍රදේශ

  • කොළඹ දිස්ත්‍රික්කය – 201
  • ගම්පහ දිස්ත්‍රික්කය – 82
  • කළුතර දිස්ත්‍රික්කය – 32
  • නුවර දිස්ත්‍රික්කය – 04
  • ගාල්ල දිස්ත්‍රික්කය – 09
  • පුත්තලම දිස්ත්‍රික්කය – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 03
  • නුවරඑලිය දිස්ත්‍රික්කය – 02
  • පොලිසිය – 27
  • බන්ධනාගාර මූලස්ථානය – 01
  • කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය – 15
  • වැලිකඩ බන්ධනාගාරය – 05
  • නිව් මැගසින් බන්ධනාගාරය – 05
  • විදේශ රටවල සිට පැමිණි – 03
  • වෙනත් යැයි සඳහන් – 04

පෙර පුවත් සඳහා මෙතැනින්

Previous articleජල ගැලුම් නිම්නය රැකගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් !
Next articleසනීපාරක්ෂක තුවා බද්ද තරුණ ගැහැණු ළමුන්ට කරන අසාධාරණයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here