වාහනය පැදවූ කාන්තාවට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ඇප : පොලිසිය ඇතුළේ ලොකු කතාබහක්

කොළඹ නොළුම් පොකුණ අසල නන්දා මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට කඩාවැදී අනතුරක් සිදු කළැයි කියන වාහනයේ පොලිස් නිලධාරීන් ඉදිරියේම යම්කිසි පුද්ගලයකු විසින් අංක තහඩු ගලවනු ලැබ ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් MediaLK වෙත පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණියක විසින් පැදවූ බව කියන WP CAB 2688 දරණ අංක තහඩුව සහිත ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ රථයක් එම ප්‍රදර්ශනගාරයට කඩාවැදී මෙම අනතුර සිදුව ඇතැයි ද එම ප්‍රදර්ශනාගාරයේ වාහන කිහිපයකට ද දැඩි අලාභහානි සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් බලා සිටියදීම අදාළ රථයේ අංක තහඩුව මෙලෙස ගලවා ඉවත්කර ඇතැයි ඔහු පැවසීය.

මේ අතර මීට දින කිහිපයකට පෙර කුරුඳුවත්⁣ත පොලිස් බල ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගමන්ගත් යතුරුපැදියක් අනතුර⁣⁣ට ලක්කළ බව කියන කාන්තාවකට ද පොලිසියේ සාමාන්‍ය ක්‍රමවේදයට බැහැරව ඇප ලබාදී තිබිණි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර පොලිසියේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබද්දි ඇප ලබාදීමක් සිදු නොකරන අතර අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කරවීම සිදුකරනු ලබයි.

කෙසේ වෙතත් එම කාන්තාවට පොලිසිය විසින් ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලිසියේ දැඩි කතාබහක් ඇති වී තිබූ අතර බස්නාහිර පළාතේ උසස් නිලධාරීයකුගේ නියෝගයකට අනුව මෙලෙස ඇප ලබාදුන් බවටද පොලිසියේ අභ්‍යන්තරයේ දැඩි කතාබහක් ඇති වී තිබිණි.

එලෙස තුවාල ලබා ඇති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වනුයේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 66601-බන්දුල හේරත් සහ පොලිස් කොස්තාපල් 4674-අසංක සාගර යන මහත්වරුය. ඔවුන් ගමන් ගෙන ඇත්තේ WP UK 1927 දරණ යතුරු පැදියේ බව පොලිසිය කියයි.

 

Previous articleසීනි ගැසට් එක වලංගු දවසකට පමණයි !
Next articleජනාධිපති කාර්යසාධක බලකාය ගැන සාක්ෂි නෑ – විල්පත්තු තීන්දුවෙන් කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here