බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු 19ක් ඉල්ලති

(හසරිඳු රාජපක්ෂ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු ලිපියක් මගින් ඉල්ලා තිබේ.

රටේ ආර්ථීක සංවර්ධනය සඳහා මෙන්ම පක්ෂයේ සංවර්ධනය සඳහා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බැවින් බැසිල් රාජපක්ෂ මහතාට වහාම පාර්ලිමේන්තු පැමිණෙන ලෙස ඔවුන් සිය ලිපිය මගින් ඉල්ලා ඇත.පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් පමණ සිටියද මන්ත්‍රීවරුන් 19 දෙනකු පමණක් මෙලෙස ඉල්ලා තිබීමද විශේෂත්වයකි.

බධා ඉවතට

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය සහ ශ්‍රී ලංකා පුරවැසියභාවය හිමි පුද්ගලයෙකි. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයන්හි කටයුතු කිරීමට ඇති බාධාවන් 20 වැනි සංශෝධනය මගින් ඉවත් කළ බැවින් ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට දැන් බාධාවක් නොමැත.

දේශපාලනික /රජයේ දරන ලද තනතුරු

ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2007 සිට 2010 දක්වා කටයුතු කළ ඔහු 2010 සිට 2015 දක්වා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ අතර 2005 සිට 2010 දක්වා ජනපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙසද කටයුතු කර තිබේ.

එවිට පැවති ආණ්ඩුව 2015 දී පරාජයට පත්වීමට මුලිකම හේතුව වුයේ බැසිල් රාජපක්ෂ මහතා බව එම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් හා නියෝජිතයෝ එකල ඔහුට චෝදනා කළහ.

රාජපක්ෂවරු

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුනහොත් පාලනය බලය හොබවන රාජපක්ෂවරුන් සංඛ්‍යාව තවත් ඉහල යනු ඇති අතර එවිට පාර්ලිමේන්තුවේ සිටින රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව 07ක් බවට පත්වෙනු ඇත.

  1. ගෝඨාභය රාජපක්ෂ – ජනාධිපති
  2. මහින්ද රාජපක්ෂ – අගමැති
  3. චමල් රාජපක්ෂ – ආරක්ෂක රාජ්‍ය ඇමති
  4. නාමල් රාජපක්ෂ – ක්‍රීඩා ඇමති
  5. ශෂීන්ද්‍ර රාජපක්ෂ – මන්ත්‍රී
  6. නිපුණ රණවක –  මන්ත්‍රී
  7. බැසිල් රාජපක්ෂ – ?
Previous articleපාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කර සැකකරුවන් ඇල්ලූ බහුතරයක් සීඅයිඩියෙන් දොට්ට 
Next articleරැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here