සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා

සුවසැරිය ගිලන් රථ සේවයේ ඇති වෙන්ටිලේටර්ස් වත්මන් රජය විසින් ගලවා රෝහල් වෙත ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ පුවත් වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියයි.

‘සුවසැරියේ වෙන්ටිලේටර් ගලවන සූදානමක්’ යන සිරස්තලය සහිතව එක්සත් ජාතික පක්ෂයේ උප නායක රුවන් විජයවර්ධන මහතා උපුටා දක්වමින් අදාළ පුවත වාර්තා කර තිබිණි.

එක් පුවත් වාර්තාවක් පහත දැක්වෙයි.

ෆේස්බුක් සටහනක් පළ කරමින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ගලවාගැනීමට සුවසැරියේ වෙන්ටිලේටර්ස් නොමැති බවත් සුවසැරිය ගිලන්රථ සේවයේ වෙන්ටිලේටර්ස් ගලවාගෙන යාමට සූදානමක් තිබෙනවා යැයි ප්‍රචාරය කරන්නේ ඒ ගැන නොදන්නා පිරිසක් බවත්ය.

පසුව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නැවතත් පැවසූවේ එලෙස ගලවා ගැනීමට වෙන්ටිලේටර්ස් සුවසැරියේ නොමැති බවයි.

Previous articleචූදිත ‘අග විනිසුරුත්’ නිව්යෝර්ක් යවයි – ජනපති පත්වීම් සියල්ල අනුමතයි !
Next articleශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here