ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

(හසරිදු රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන දත්ත සඳහන් කරයි.

පසුගිය සතියේ සිට මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම පසුගිය ඔක්තෝම්බර් 27 වැනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවත් ඒ පිළිබද නිතර දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් එම මධ්‍යස්ථානය පවසයි.

වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවීම

මෙහිදී වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් පසුගිය දිනවල පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ. ඇමෙරිකානු තත්ව වායු තත්ව දර්ශකයට අනූව (U.S. Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය සාපේක්ෂව එම තත්ව දර්ශකයේ 100 – 150 අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රමාණය සංවේදී පුද්ගලයින් කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමේ අවදානමක් ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොරෝනා වෛරසය පැතීරීමේ අවදානම් තත්ත්වයත් සමග මේ දිනවල රථ වාහන ගමනාගමනය අඩු මට්ට්මක පවතින හෙයින් නාගරික ප්‍රදේශ වල වායු දූෂණ මට්ටමේ යම් අඩුවීමක් පෙන්නුම් කර තිබියදීත් මෙසේ එකවරම ශ්‍රී ලංකාව තුළ වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අස්වාභාවික ලෙස ඉහල යෑමට හේතු සාධක වන්නේ මේ දිනවල දිවයින අවට පවතින සුළං ප්‍රවාහ රටාවේ සිදුවී ඇති වෙනස් වීම නිසා බව ලෝක වායු ගුණ ව්‍යාප්ති දත්ත දර්ශක පෙන්වා දෙයි.

එබැවින් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වීම මගින් ඇතිවන බලපෑම නිසා මෙම තත්ත්වය ඇතීවි තිබෙන බව ද එම දර්ශක පෙන්නුම් කර තිබේ.

මෙම තත්ත්වය තවදුරටත්

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයක් තුළ පවතී යැයි අපේක්ෂා කළ හැකි බවත් කුඩා ළමුන්, වැඩිහිටි පුද්ගලයින් ගර්භනි මාතාවන් හා ශ්වසන රෝග වලින් පෙලෙන්නන් වැනි සංවේදී පුද්ගල කණ්ඩායම්වලට මින් යම් බලපෑමක් ඇති වන බවට අපේක්ෂා කරන බවත් ගොඩනැගිලි පර්යේෂණ එ්කකය පෙන්වාදෙයි. පවතින වායු ගෝලීය තත්ත්වය නිසා මෙම කණ්ඩායම්වලට හුස්ම ගැනීමේදී යම් අපහසුතාවක් ඇතිවීමට හැකියාව ඇතැයි එම එ්කකය පවසයි.

ආරක්ෂාවීමට

සෞඛ්‍ය ගැටළු අවම කර ගැනීම සඳහා නිතර මුඛ ආවරණ පැළඳීම මෙන්ම ව්‍යායාම සහ ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයන්වල නිරත වීම අවම කිරීම යෝග්‍ය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. තවද යම් ශ්වසන අපහසුතාවක් ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සාමාන්‍යයෙන් අනිකුත් දිනවල දී ඈතින් පෙනෙන ගොඩනැගිලි හා අනෙකුත් ස්ථාන මේ දිනවල පැහැදිලිව නොපෙනීම, අවට වායුගෝලයේ දුමාරයක් පැතිර ඇති ආකාරයක් දිස්වීම, තරමක් අඳුරු අහසක් පැවතීම වැනි ස්වභාවික වෙනස්කම් මගින් මෙවැනි අඩු වායුගුණ තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකි බව ගොඩනැගිලි පර්යේෂණ ඒකකය පවසයි.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ යම් ශාරීරික අපහසුතාවක් පවතී නම් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට වහා කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින  ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ආකාරය

ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වන ආකාරය

වැඩිම වායු දුෂණයක් ඇති නගර

www.iqair.com වෙඩ් අඩවියට අනුව වාතයෙහි ගුණාත්මකභාවය සහ පරිසර දූෂණය නගර ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇති අතර ඒ අනුව වැඩිම වායු දු‍ෂණයක් සහිත නගරය ලෙස ඉන්දියාවේ දිල්ලි නගරය හදුනාගෙන ඇත. වැඩිම වායු දුෂණයක් සහිත නගර 100 අතරින් මුල් නගර 04ම දකුණු ආසියාතික රටවල්වල නගර වීමද විශේෂත්වයකි.(https://www.iqair.com/world-air-quality-ranking)

මේ දිනවල ශ්‍රී ලංකාවේ වායුගෝලයේ ස්වභාවය

Previous articleසුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා
Next articleගැසට් හතරයි – කැසට් විතරයි : සහල් මිල පාලනයේ ඇත්ත කතාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here