වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  ලබාදෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තමා කිසිම අදහසක් දක්වා නොමැති බවත් තාම නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් ව්‍යාජ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුළ මතුරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තීරණය පක්ෂය විසින් ගනු ඇති බව ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමාට කිසිම අවශ්‍යතාවයක් නොමැති බව ද අමරසූරිය මන්ත්‍රීවරිය මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

“මන්ත්‍රී වාහන බලපත්‍ර ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරිය” යැයි සඳහන් විවිධ පුවත්  සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය තුළ හුවමාරු වූ අතර මේ සම්බන්ධයෙන් medialk.com කළ විමසීමේදී මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළාය.

සීග්‍රයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ සංස්කෘතිය වෙනස් කිරීමට නිල වශයෙන් තහවුරු කළ තොරතුරු පමණක් යොදා ගැනීමට කටයුතු කරන ලෙස හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ඇය මන්ත්‍රී වාහන බලපත්‍රය ප්‍රතික්ෂේප කළ බවට පුවත් වෙබ් අඩවි වාර්තා කළැයි හුවාදක්වමින් කරුණු විකෘති කළ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ආකාරය දක්නට ලැබුණි.

අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍ර ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සඳහන් පුවත් පළ වීමත් සමඟ මෙම පුවත පළවූ බවත් ඒවා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


පහත දැක්වෙන ඡායාරූපය ද ඇය මන්ත්‍රී වාහන බලපත්‍රය ප්‍රතික්ෂේප කළ බවට Medialk.com වාර්තා කළැයි හුවා දක්වමින් අසත්‍ය ලෙස කරුණු විකෘති කර සකස් කර ඇති ඡායාරූපයකි. මෙවන් පුවතක් අප වාර්තා නොකළ බවත් මෙම ඡායාරූපය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් Medialk.com අපි දැනුම්දෙමු.

Previous articleතිලීපන් සමරන්න ඉඩ දෙන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලති
Next articleඡන්දය දාන්න ගිය වතු කම්කරුවන්ගේ වැටුපෙන් බාගයක් කපලා : තවම විසඳුමක් නෑ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here