20ට කථානායක අත්සන තියයි : ඡන්දය දුන් දුරකථනයේ මන්ත්‍රීවරුන්ට වෙනම අසුන් ඉල්ලයි

(හසරිඳු රාජපක්ෂ )

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේදී අත්සන් තබා ඇත.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සහ නියෝජ්‍ය මහලේකම්වරයා ඉදිරියේදී මෙම අත්සන් තැබීම සිදුකර තිබේ.

පාර්ලිමේන්තුවේදී සම්මත වු පනතක් ක්‍රියාත්මක වීම සඳහා කථානායකවරයා අත්සන් කළ යුතු වන අතර ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව අහෝසියි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීමත් සමගම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වා දුන් බොහොමයක් නීති වෙනස් වන අතර ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වේ. ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව අද සිට බලාත්මක වේ.

20 සම්මත වීම

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත  පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වු අතර පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමිවිය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, සමගි ජන බලවේගයේ නියෝජනය කළ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගය නියෝජනය කළ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉෂාක් රහමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් ඡන්දය විමසන අවස්ථාවට සහභාගී නොවීමද විශේෂත්වයක් විය.

පසුගිය 21 දා 22 වැනිදා යන දෙදින පුරා පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.

සමගි ජනබලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන්

20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බැවින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, සමගි ජන බලවේගයේ නියෝජනය කළ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගය නියෝජනය කළ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහමාන් යන මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගයෙන් නෙරපීමට එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබේ.

මේ හේතුවෙන් මෙම මන්ත්‍රීවරුන්ට සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන්ට පරිබාහිරව අසුන් පැනවීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(29) කථානායකවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.

Previous articleවගකීම් දියවෙන්න හේතුව පෞර්ෂයක් නැති මාධ්‍යවේදීන් – ලේඛක මිලින්ද රාජපක්ෂ
Next articleරාජ්‍ය සේවය පවත්වාගෙන යෑම වෙනුවෙන් අලුත් චක්‍රලේඛයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here