රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම වෙනුවෙන් අලුත් චක්‍රලේඛයක්

කොවිඩ්-19 වසංගත තත්ත්වයේදී රාජ්‍ය සේවය බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිගේ අත්සනින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පිටපත් සහිතව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ සදහන් වන්නේ කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් කරමින් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරගේ අත්සනින් නිකුත් කළ 2020 අප්‍රේල් 18 දිනැති චක්‍රලේඛය සහ මැයි 14 දිනැති චක්‍රලේඛය නැවත පිළිපදින ලෙස එහි සදහන් ය.

ඒ අනුව ආයතන ප්‍රධානීන් තමන් යටතේ සිටින කාර්‍යමණ්ඩලය සේවයට කැදවීම සහ ආයතන පවත්වාගෙන යෑම කළ යුතු බව ද එහි වැඩිදුරටත් සදහන් වේ.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here