විස්සේ වගන්ති හතරක් නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි : සං⁣ශෝධන මගින් අනනුකූලතාවය ඉවත් කළ හැකියි – කථානායක

(නිලූක සඳුන් පද්මසිරි)

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හතරක් පවතින ව්‍යවස්ථාව⁣ට අනනුකූලවීම හේතුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමන්ට ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ඒ මහතා මේ බව කීවේය.

එම අනනුකූලතාව සංශෝධන මගින් ඉවත් කරගත හැකි බවටත් සෙසු සංශෝධන ව්‍යවස්ථාවට අනුකූල බවටත් එය විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බවටත් එම තීරණයේ දක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.1 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද 20 වැනි සං⁣ශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමා වෙත ලැබී ඇති බව හෙතෙම පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

121 ව්‍යවස්ථාව

පනත් කෙ⁣ටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.1 ව්‍යවස්ථාවට අනූකුල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.5 ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් ඔහු කීවේය.

82 (1) ව්‍යවස්ථාව

82 (5) ව්‍යවස්ථාව

පනත් කෙටුම්පතේ 3, 5, 14, 22 යන වගන්ති පවතින තත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල වන බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා පැවසීය.

20 වැනි ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය

20 වැනි ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ 5 වැනි වගන්තිය

20 වැනි ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය

20 වැනි ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය

පවතින ව්‍යවස්ථාවේ 104 උඋ වගන්තිය

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවටත් එසේ වුවද 03 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවය යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සං⁣ශෝධනය කිරීම මගින් ඉවත් කළ හැකි බවටත් එහි දැක්වෙන බව හෙතෙම සඳහන් කළේය.

83 වැනි ව්‍යවස්ථාව

5 වන වගන්තියේ අනනුකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය මගින් ඉවත් කරගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා දැනුම් දුන්නේය.

පවතින ව්‍යවස්ථාවේ 3 සහ 4 වැනි ව්‍යවස්ථා

මේ අතර පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වන විධිවිධාන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු බවට කැබිනට් අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වී තිබේ.

සම්පූර්ණ 20 වැනි සංශෝධන කෙටුම්පත මෙතැනින් බලන්න..

කථානායකවරයාගේ සම්පූර්ණ කථාව

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.1 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද 20 වැනි සං⁣ශෝධනය නැමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම්දීමට කැමැත්තෙමි.

පනත් කෙ⁣ටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.1 ව්‍යවස්ථාවට අනූකුල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.5 ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්තේ 3, 5, 14, 22 යන වගන්ති පවතින තත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත් එසේ වුවද 03 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවය යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සං⁣ශෝධනය කිරීම මගින් ඉවත් කිරීම කළ හැකි බවත් 5 වන වගන්තියේ අනනුකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය මගින් ඉවත් කරගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තා මුද්‍රණය කළ යුතු යැයි නියෝග කරමි.”

Previous articleඇඟළුම් සේවකයින්ගෙන් බලෙන් වැඩ ගනී : සේවකයින් බියෙන්
Next articleනීතිපති කියපු විදිහට විස්ස සංශෝධනය නොකළත්, දැන් කරන්න දෙයක් නෑ – ආචාර්ය නිහාල් ජයවික්‍රම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here