මාමඩුව කැලයට තෙවැනි වරටත් ගිනි තියලා ; සැකකරුවෝ නිදැල්ලේ

වවුනියාව – මාමඩුව ප්‍රදේශයේ රජයේ කැලෑ ඉඩමකට යම් කිසි පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ.

මෙම ප්‍රදේශයේ ඔබ්බෙන් පිහිටි කන්ද ප්‍රදේශය මීට සති දෙකකට පමණ පෙර ද පිරිසක් විසින් ගිනි තබා විනාශ කරනු ලැබ තිබිණි. ඒ් සම්බන්ධයෙන් පොලිසියෙන් මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.

ඒ් ගැන මාධ්‍යවල පළවීමත් සමඟ ඊයේ (16) දින පොලිස් කණ්ඩායමක් පැමිණ සොයා බැලීමක් කළ අතර ඔවුන් පිටව ගොස් පැයක් පමණ යද්දී කන්දේ අනිත් පස බෑවුම අසල මෙම ගිනි තැබීම කර තිබුණු බව ප්‍රදේශවාසීහු පවසති.ප්‍රදේශවාසීන් සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව ගින්න නවා දැමීය.සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගොවිපොළක් ද ඊට මදක් නුදුරෙන් තිබෙද්දී මෙලෙස ගිනි තැබුවේ කවුරුන්ද යන්න සැකසහිත බව ප්‍රදේශවාසීහු පවසති.

කෙටි කාලයක් ඇතුළත මෙම ප්‍රදේශය ගිනි තැබූ තුන් වැනි අවස්ථාව මෙයයි.මීට මාසයකට පමණ පෙර පළමු වරට කැළය⁣ට යම්කිසි පිරිසක් විසින් ගිනි තබා තිබූ අතර එහිදී එම ගින්න සම්පූර්ණයෙන් පැතිරෙන්නට පෙර ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ නමුත් දෙවැනි වර කඳුබෑවුමේ කැළය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී තිබිණි.

මෙම කන්දේ කළුගල් කැඩීමට උත්සහ ගන්නා පිරිසක් හෝ වෙනත් නීති විරෝධී වගාවක් කිරීමට සැරසෙන පිරිසක් විසින් කැළය විනාශ කරන්නට ඇතැයි සැක කරන බව ප්‍රදේශවාසීහු පවසති.පොලිසිය මේ වන තෙක් මේ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.ශ්‍රී ලංකාවට ආවේනික ඇතැම් සත්ත්ව විශේෂ මෙම ප්‍රදේශයේ සිටින බවත්, විශේෂිත පෑටි විශාල ප්‍රමාණයක් ද මෙම ප්‍රදේශයේ තිබෙන බවත්, මෙය පාරිසරික අතින් රැකගත යුතු ප්‍රදේශයක් බවත් පරිසරවේදීහු ප්‍රකාශ කරති.

මෙවර ගිනි තබා විනාශ කර ඇති ආකාරය

මීට දෙසතියකට පෙර ගිනි තබා තිබූ අයුරු


ඒම ප්‍රදේශය ගිනි තැබීමට පෙර

Previous articleගෝඨාභය, රවී, කරන්නාගොඩ, දෙවැනි වරටත් රිෂාඩ් – අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක් ද ?
Next articleවචනෙ කොහොම වුණත් සමාජයෙන් තමයි රෝගීන් වාර්තාවෙන්නේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here