විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිට නීතියට පිටින් පොලිසියේ 06ක්

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පොලිස් කොමිෂන් සභාවේ සාමාජික අශෝක විජේතිලක මහතාගේ ආරක්ෂාවට ගල්කිස්ස පොලිසිය මගින් 06 දෙනකු යොදවා ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසියෙන් යෙදවීමට නීතියෙන් ඉඩක් නැති අතර කෙනකුගේ ආරක්ෂාවට පොලිසියෙන් යොදවන්නේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදු කිරීමෙන් පසුව බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් MediaLK වෙත තහවුරු කළේය.

අශෝක විජේතිලක මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කර නැතැයි ද, ඒ සඳහා අවශ්‍ය අවසරය නිසි ලෙස ලබා ගෙන නැතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් MediaLK ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ ලිඛිතව තොරතුරු ඉල්ලා සිටියහොත් පිළිතුරු සැපයිය හැකි බවයි. අදාළ තොරතුරු ඉල්ලා MediaLK අද(15) ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා වෙත තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීමක් යොමු කළේය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here