(නිලූක සඳුන් පද්මසිරි)
කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මෙරට සිදු කරනු ලබන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන අති විශාල ලෙස අඩු කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත පෙන්වා දෙයි.
මේ දිනවල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව බෙහෙවින් අඩුවී ඇති අතර ඊට මෙම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීමද බලපා ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසේ.
ඊයේ(07) දින සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 6403ක් බවත් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3897ක් බවත් එම කාර්යංශය සඳහන් කරයි. ඊයේ කර ඇති මුළු පරීක්ෂණ සංඛ්‍යාව 10300කි.
පෙරේදා (06) දින සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 5631ක් බවත් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 2433ක් බවත් එම කාර්යංශය සඳහන් කරයි. ඒ අනුව එදින සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 8,064කි.
ජූලි 5 වැනිදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ ගණන 15780 ක් වන අතර ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 2753කි. ජූලි 04 වැනිදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ ගණන 9279ක් වන අතර එදින සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ ගණන 1992කි.
