බලය ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති ප්‍රඥාවන්ත විය යුතුයි – කොළඹ නීතිඥ සංගමය

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරාගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය (කලම්බු ලෝ සොසයිටි) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් අදාළ ජනාධිපතිවරයා අදාළ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රඥාවන්ත සහ විචාරශීලීව යැයි ද එම සංගමය සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති ප්‍රකාර ඒ අනුව අනුගමනය කළේ ද යන්න දැනගැනීමට ජනාතවට අයිතියක් ඇති බව ද එම සංගමය කියයි.
ඒ අනුව අදාළ ක්‍රියා පිළිවෙළ අනුගමනය කළේද යන්න සම්බන්ධයෙන් සහ වාර්තා, උපදෙස් සහ නිර්දේශ පිළිපැද්දේ ද යන්න සම්බන්ධයෙන් අදාළ වාර්තා, උපදෙස් සහ නිර්දේශ තිබෙන්නේ ද සහ දුමින්ද සිල්වා මහතාට සමාව දෙන්නේ ද නැද්ද යන්න නිර්දේශ කළේ ද යන්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නැයි ඉල්ලමින් අපගේ මව් සංගමය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යැවූ බව ද කොළඹ නීතීඥ සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශාලතම ශාඛාව වන කොළඹ නීතිඥ සංගමය ද එම ස්ථාවරය දරන බව එම සංගමය සිය නිවේදනය මගින් සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමේදී අදාළ ක්‍රියා පිළිවෙත අනුගමනය නොකළේ නම් එය අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවකි.
සිරකරුවකුට සමාව දීමේදී නියමිත අධිකරණ ක්‍රියාවලිය අනුගමනය නොකරන්නේ නම් ඒ තුළින් අධිකරණ පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳ වැටෙන අතර අවසානයේ දී නීතියේ ආධිපත්‍යය ක්‍රමයෙන් දුර්වල කරන බව ද එම සංගමය තවදුරටත් සඳහන් කරයි.
Previous articleපාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය
Next articleශානි වැදගත් සාක්කිකරුවෙක් ; ආරක්ෂාව තහවුරු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here