වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔහු රැගෙන ගොස් ඇත්තේ කුමන හේතුවකට ද යන්න සම්බන්ධයෙන් නිසි තොරතුරක් ඔහුගේ මව ඇතුළු පවුලේ පිරිසට ලබා දී නැති බවත් MediaLK වෙත වාර්තා වේ.
අගමැතිවරයාගේ වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂයක් නිසා සයිබර් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔහු කළ සඳහනක් හේතුවෙන් මීට පෙර ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබිණි.අනතුරුව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා පිරිසක් සිවිල් ඇඳුමෙන් ඔහුගේ නිවසට ගොස් තමන් සමග යෑමට සූදානම් වන ලෙස දැනුම් දී තිබේ. එසේ රැගෙන යෑමට හේතුව හෝ වෙනත් විස්තරයක් ඔවුන් විසින් ප්‍රකාශ කර නැති බව නිවැසියෝ කියති.
ඒ අනුව රජිව් කුරුවිටගේ මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ මහතාට දුරකතනෙයන් දැනුම් දී තිබේ. තරුණයා රැගෙන යෑමට පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසෙන් ඔහු අත්අඩංගුවට ගන්නේ කුමන හේතුවකටදැයි විමසද්දී ඔවුන් කියා ඇත්තේ වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් හේතුවෙන් බවයි. අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇත්දැයි විමසද්දී වරෙන්තුවක් නැති බව එම පිරිස ප්‍රකාශ කර තිබේ.
තරුණයා අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනාවක් මත, කුමන නීතියක් කඩකිරීම සම්බන්ධයෙන්දැයි විමසීමේදී චෝදනාව ප්‍රකාශ කර නැති අදාළ පිරිස, තරුණයා රැගෙන ගොස් තිබේ. තමන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමට දිනයක් ලබාදෙන ලෙසත්, නීතීඥවරයෙකු සමඟ පැමිණීමට ඉඩදෙන ලෙසත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ ඔහු රැගෙන ගොස් ඇත. තරුණයා රැගෙන ගියේ කුමන ස්ථානයකටදැයි නිශ්චිතව නොදන්නා බව ද පවුලේ ඥාතීහු පවසති.
මේ සම්බන්ධයෙන් චිරන්ත අමරසිංහ මහතා සහ පොලිසියේ බව පැවසූ අදාළ පිරිස අතර සිදු වූ සංවාදයක් පහත ඇත.

තරුණයා වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කර තිබූ නිවේදනය පහත දැක්වේ.
Previous article43 ගෙනාපු ද්විභාෂා අධ්‍යාපනය 56 විනාශ කළා – කන්නංගර ප්‍රතිපත්තිය පස්සට දැම්මේ ඇයි ?
Next articleසෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගේ ‘තර්ඩ් ක්ලාස්’ ප්‍රකාශය අපහාසයක් – නිග්‍රහයක් : මාධ්‍ය සංවිධාන එකතුවේ අප්‍රසාදය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here