ව්‍යාජ කාර්යාල සහ VIP වාහන ගැන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දැනුවත් කිරීමක් !

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස හැඟීයන ආකාරයට නාම පුවරු ප්‍රදර්ශනය කරමින් ව්‍යාජ කාර්යාල පවත්වාගෙන යන බවටත්, එබඳු නාම පුවරු සහ VIP ලාංඡන සහිතව රථවාහන භාවිත කරන බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි එම කොමිෂන් සභාව පවසයි.
මෙම ව්‍යාජ කණ්ඩායම් රථවාහන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, පොලිස්  අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් නීතිවිරෝධීව පොලිසියට බලපෑම් කිරීම, විවිධ සේවා ලබාදෙන බව ප්‍රකාශ කරමින් මුදල් අය කිරීම වැනි නීතිවිරෝධී කටයුතු කරගෙන යන බව හෙළිවී ඇතැයි ද එම කොමිසම සඳහන් කරයි.
මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ බව අවධාරණය කර සිටී.
‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කරන ලද ස්වාධීන කොමිෂන් සභාවකි. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවා ඇත. එමගින් ලබාදෙන සේවාවන් සඳහා කිසිදු මුදල් අයකිරිමක් සිදුනොකරන අතර, කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලවලට අමතරව දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 10ක් සහ උප කාර්යාල 03ක් හරහා අදාළ සේවාවන් සපයනු ලැබේ’ යැයි කොමිසම අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දැනට ක්‍රියාත්මක කාර්යාල සහ සම්බන්ධීකරණය කළ හැකි තොරතුරු පහත දැක්වේ.
අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් ය.
‘ඉහත ලිපිනයන්හි පිහිටි කාර්යාලයන්ට අමතරව වෙනත් කිසිදු ස්ථානයක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාල පවත්වාගෙන යනු නොලැබේ.
එසේම මෙම කාර්යාලවලට අමතරව කිසිදු අතරමැදි නියෝජිත ආයතනයක් හෝ අතරමැදි පුද්ගලයන් පත්කර නොමැති බව ශ්‍රී ලංකාවාසීන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. එබැවින් ඉහත කී ආකාරයේ ව්‍යාජ පුද්ගලයන්ට සහ සංවිධානාත්මක කණ්ඩායම්වලට නොරැවටෙන ලෙසත්, අපගේ සේවාවන් ලබාගැනීමට අප කාර්යාලය සමග සෘජුවම සම්බන්ධ වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.’
Previous article‍එන්නත්කරණය අවුල් ජාලයක් – දිගුකාලීන ප්‍රතිවිපාක ගැන ප්‍රජා වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති !
Next articleඅදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳ රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමේ උත්සාහයක් – වැඩ කරන ජන බලය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here