ඇතැම් විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට සෞඛ්‍ය ආරක්ෂිිිත ද්‍රව්‍ය තවම නෑ – ලංකා ගුරු සංගමය 

දිවයිනේ ඇතැම් විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට සැනිටයිසර්, අත් ආවරණ, විෂබීජ හරණ දියර වැනි සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය සහ උපකරණ මෙතෙක් ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා  පවසයි.

සමහර මධ්‍යස්ථානවලට ලැබී තිබුණද  ඇතැම් ප්‍රදේශවල මධ්‍යස්ථානවලට මෙතෙක් ඒවා ලැබී නැතැයි ද හැකි ඉක්මණින් ඒවා ලබා දෙන්නැයි ද ඒ මහතා ඉල්ලා සිටී.

කොරෝනා රැල්ලක් හමුවේ පැවති පසුගිය මහ මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය ලබා දීමට රජය කටයුතු කර.තිබූ නමුත් මෙම විභාගයේදී මෙතෙක් එම කටයුතු නිසි පරිදි සිදුව නැතැයි ඒ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය ආරක්ෂිතව විභාග කටයුතු පැවැත්වීම සඳහා හැකි ඉක්මණනි එම ද්‍රව්‍ය ලබා දෙන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටී.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here