නිදහස් දින උත්සවයට ගොස් පැමිණි කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පුවත්පතට වාර්තා කළේ මන්දැයි විමසා එම නිලධාරියා තමන්ට දුරකතනයෙන් කතා කර තර්ජනය කළ බව ලංකාදීප පුවත්පතේ කතරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී එම්.කේ.නන්දසේන මහතා විසින් තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලිඛිත පැමිණිල්ලක් සිදු කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී එම්.කේ.නන්දසේන මහතා මෙසේ පැවසීය.
‘පසුගියදා කොළඹ පැවති නිදහස් දින උළෙලට කතරගම පොලිසියෙන් සහභාගි වූ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගැනීමට ලැබුණා. ඔහුත් සමග තවත් නිලධාරීන් දෙදෙනකුත් නිරෝධායනයට යොමුකර ඇති බව දැනගත්තා. ඒ අනුව මා එම පුවත දිනපතා පුවත්පතකට වාර්තා කළා. එම පුවත පළවීමෙන් පසු 2021 පෙබරවාරි 10 දින දහවල් 12.13ට එම නිලධාරියා මට දුරකතනයෙන් කතා කර, ඇයි මේක පත්තරේ දැම්මේ. බලු වැඩ කරන්න එපා. මං සනීප වෙලා ආවම බලාගන්නම් කියලා මට තර්ජනය කළා. මේ අය ගිනිඅවි අතේ තියාගෙන රාජකාරි කරන පිරිස්. මාධ්‍යවේදියෙක් ලෙස මං කළේ මගේ රාජකාරිය. අද වන විට මාත්, මගේ දරුවන් හා බිරිඳත් දැඩි අපහසුතාවකින් ඉන්නේ මේ තර්ජනය කිරීම නිසා. මේ සම්බන්ධයෙන් මම කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට, සහකාර පොලිස් අධිකාරිවරයාට, තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාට දුරකතනයෙන් වගේම ලිඛිතවත් පැමිණිලි කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.’

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇති කතරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
‘මම ඔහුට මරණ තර්ජනයක් කළේ නෑ. මං දුරකතනයෙන් කතා කරලා විමසීමක් කළා ඇයි මගෙන් අහන්නේ නැතුව මේ පුවත පළකළේ කියලා. ඒ ඇරෙන්න බැණ වැදීමක් කළේ නෑ’