ආදිවාසී ජනතාව – කිරි ගොවීන් – සුළු පරිමාණ ගොවීන් අවතැන් කිරීමට එරෙහිව විරෝධතා !

පොල්ලෙබැද්ද – රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 5,400ක භූමියක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පෞද්ගලික සමාගම්වලට බදුදීමට එරෙහිව අම්පාර, මහඔය නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

ගොවීන් විසින් වගා කරන ලද භූමිය, මෙසේ බඩඉරිඟු වගාව සඳහා ලබාදී ඇති බවත්, මහවැලි අධිකාරියේ මෙම තීරණයෙන් ආදිවාසී ජනතාව, කිරි ගොවීන් සහ සුළු පරිමාණ ගොවීන් බලවත් අසීරුතාවලට මුහුණදෙමින් සිටින බවත් විරෝධතාකරුවෝ මෙහිදී අවධාරණය කළහ.

අලි-මිනිස් ගැටුම වර්ධනය වීම, ජල අර්බුදය වැඩි වීම මෙන්ම බඩඉරිඟු වැනි වාණිජ බෝගවලට අධික ලෙස කෘෂි රසායන වර්ග යෙදීම නිසා පානීය ජලය දූෂණය වීම වැනි බරපතළ ගැටළු රැසක් ඉදිරියේදී මතුවනු ඇති බව ද මෙහිදී පැවසූ විරෝධතාකරුවෝ, ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතු බව ද අවධාරණය කළහ.

බින්තැන්නපත්තුව සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ, ජීවයේ අයිතිය පරිසර සංවිධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සහ පරිසර යුක්ති කේන්ද්‍රය යන සංවිධාන එක්ව පෙරේදා (10) මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ අතර, ප්‍රදේශවාසීහු රැසක් ඊට සහභාගි වී සිටියහ.

Previous article‘ඔවුන් මට නම් හරිම සපෝටිව්’ – තිහාරිය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක
Next articleප්‍රබන්ධ කරපු මිනිහෙක්ව මිත්‍යාවට යට කරන්න ලේසියි – නීතිඥ එස්.ජී.පුංචිහේවා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here