මාතලේ ගම්මිරිස් ඉඩම සහරාන්ගේ නෙමෙයි : පත්තර බොරු දාලා

(නිලූක සඳුන් පද්මසිරි)

මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 25ක ගම්මිරිස් ඉඩම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වූ සහරාන් හෂීම්ට අයත් බවට පළ කළ මාධ්‍ය වාර්තා අසත්‍ය බව Medialk.com කළ සොයාබැලීමකදී තහවුරු විය.

සහරාන් හෂීම්ට මෙම ඉඩම අයත්යැයි තහවුරු කළ හැකි කිසිදු සාධකයක් මෙි වන තෙක් සොයාගෙන නැතැයි අප කළ සොයාබැලීමකදී රාජ්‍ය නිලධාරීයකු තහවුරු ක⁣ළේය.

එමෙන්ම එම ඉඩමේ ආදායම දේශපාලනඥයින්ට හෝ ව්‍යාපාරිකයන්ට ලබාගන්නා බවට පැතිර යන කතා සත්‍ය බවට මෙතෙක් තොරතුරු ලැබී නැති බවට රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙක්ම කීහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මාතලේ ප්‍රාදේශීය ලේකම් A.C.L මධුවන්ති මහත්මිය පැවසුුවේ මාතලේ හතමූණ ගාල ප්‍රදේශයේ පිහිටි එම ඉඩම සහරාන් හෂීම්ට අයත් බවට පළ කර තිබූ පුවත් අසත්‍ය බවත් එම ඉඩම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරු ඊබ්‍රාහිම් මොහොමඩ් ඉල්හාම් මොහොමඩ්ට අයත් ඉඩමක් බවත් ය.

එම ඉඩම සහරාන්ට අයිති බවට තමා පුවත්පත්වලට පැවසූවේ නැති බවත් පුවත්පත් එහි කරුණු විකෘති කර පළ කර ඇති බවත් ඇය කීවාය.

එහි සත්‍ය හිමිකරු ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඊබ්‍රාහිම් මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් බවද ඇය සඳහන් කළාය.

තවද එම ඉඩමේ ආදායම දේශපාලනඥයකු සහ ව්‍යාපාරිකයන් පිරිසක් ලබාගන්න බවටද පුවත්පත් වාර්තා කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් විමසූ විට ලේකම්වරිය පැවසූවේ මෙම සිද්ධියට දේශපාලනඥයකු සම්බන්ධ බවට තමන්ට තොරතුරු ලැබී නැති බවත් ඒ ඉඩම අවට ගම්වාසීන් 250 දෙනකු පමණ එම ඉඩමට පැන ගම්මිරිස් කඩා ඇති බවට වාර්තා වන බවත්ය.

දැනට එම ඉඩම හතමූණගාල ග්‍රාම නිලධාරිනියට නිරීක්ෂණය සඳහා පවරා ඇති බවත් මේ ඉඩමේ හිමිකරු මිය ගොස් ඇති නිසා එහි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් හතමූණගාල ග්‍රාම නිලධාරී වසම අයත් ග්‍රාම නිලධාරීනිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සහය අසාර්ථක විය.

“පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මිය ගිය සහරාන් හෂීම්ට අයත් මාතලේ හතමූණ ගාල ප්‍රදේශයේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නෙළීම තාවකාලිකව නවතා එම ඉඩම අදාළ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීනිය භාරයට පැවරූ බව මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ.සී.එල් මධුවන්ති මහත්මිය පැවසූවාය” යනුවෙන් පුවත්පත්වල එම පුවත පළ විය.

පුවත් පත් හතරක ‘සහරාන්ගේ ගම්මිරිස් වත්ත පවරාගනී’, ‘සහරාන්ගේ ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නවතී’, ‘සහරාන්ගේ අක්කර 25ක ගම්මිරිස් ඉඩම රාජසන්තකයට’, ‘ග්‍රාම නිලධාරීන් භාරයට පත් සහරාන්ගේ මාතලේ ඉඩම වෙනත් අය භුක්ති විඳිනවා’ යන සිරස්තල එම පුවත්වලට යොදා තිබිණි.

මෙම පුවත ඊයේ(11) ලංකාදීප, මව්මිබ සහ දිනමිණ යන පුවත්පත් තුනේ එකම ආකාරයට අන්තර්ගතයේ කිසිදු වෙනසක් නොමැතිව පළ වී තිබිණි.එහි වෙනස් වී තිබුණේ පුවතේ සිරස්තලය සහ ලියූ මාධ්‍යවේදීයාගේ නම පමණි.

ලංකාදීප

මව්බිම

දිනමිණ

අරුණ පුවත් පතේ ද මෙම පුවතම අන්තර්ගතයේ යම් වෙනසක් මේ සහිතව පළ වී තිබිණි.

Previous articleමීඇල්ලේ කොරෝනා හැදුණු දෙන්නෙක් සැඟවී සිටි කතාව බොරු
Next articleරට නරක තත්ත්වයක : වගකීම ආණ්ඩුව බාරගත යුතුයි – වෛද්‍ය ප්‍රසන්න කුරේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here