බතලගොඩවත්ත ගැන හොයන්න කණ්ඩායමක් යවනවා – කම්කරු කොමසාරිස් ජනරාල්

මේ දිනවල කතාබහකට ලක්ව තිබෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ බතලගොඩවත්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායමක් එම ප්‍රදේශයට යවන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා MediaLK වෙත පැවසීය.
මලෛයහ ප්‍රජාව සම්බන්ධයෙන් ඇති ඇතැම් නීති යල්පැනගොස් ඇති බවත්, ඒවා සංශෝධනය කිරීම සඳහා යෝජනා අවශ්‍ය බවත් ඒ මහතා කීවේය.
බතලගොඩ වත්ත සම්බන්ධයෙන් අදාල නිලධාරීන් සොයා බලා වාර්තාවක් ලබා දුන් පසු කම්කරු දෙපාර්තමේන්තුවට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට තිබේ නම් එය ගන්නා බවත්, තම ආයතනය එම ප්‍රජාව සම්බන්ධයෙන් නිරන්තරවම කටයුතු කරමින් සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
බතලගොඩ වත්තේ මෛලයහ ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් MediaLK පල කළ ලිපිය ගැන අදහස් දක්වමින් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේ අදාල සිද්ධිය ගැන මෙතෙක් තමන්ට පැමිණිල්ලක් ලැබී නැති නමුත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් යටතේ ඇති විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් ද හෙට (23) දිනයේ යවන බවයි.
බතලගොඩ වත්තේ වැඩකරන ප්‍රජාව වෙනුවෙන් දවසකට රුපියල් දහසක මුදලක් ගෙවීම ආරම්භ කර ඇත්තේ මේ වසරේය. ඔවුනට කරන මාසික ගෙවීමට අදාලව විස්තර පත්‍රිකාවක් (පේෂීට්) නොලැබෙන අතර එම නිසා වැටුපෙන් අඩුවෙන ගණන් පිළිබඳ ඔවුන්ට දැනීමක් නැත. මෙම පිරිසට අවසන් වරට සේවක අර්ථසාධක අරමුදලේ අර්ධ වාර්ෂික විස්තර ප්‍රකාශනයක් ලැබී ඇත්තේ 2019 වසරේදීය. 2000 සහ 2019 අතර සේවක සේවිකාවන් 18 දෙනෙකුගේ අර්ධ වාර්ෂික සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රකාශ 24ක් පරීක්ෂා කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ඉතා අඩු සහ අක්‍රමවත් බව පෙන්නුම් කරයි. එක් ප්‍රකාශයක් පෙන්නුම් කරන්නේ 2019 අප්‍රේල් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය රුපියල් 385 ක් බවත්, 2019 මැයි සඳහා රුපියල් 770 ක් සහ 2019 ජූනි සඳහා බිංදුවක් බවත් පෙන්නුම්කරයි. වසර 40ක පමණ සේවයකින් පසු විශ්‍රාම ගිය කාන්තාවකට ලැබී තිබුණේ රුපියල් 200,000ක් පමණි.
බතලගොඩවත්ත සම්බන්ධයෙන් MediaLK පලකළ ලිපිය පහත දැක්වේ.

නීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව

නීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com

news@medialk.com
tharindu@medialk.com
Previous articleනීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව
Next articleවගන්ති 16ක අලුත් නීති කෙටුම්පතේ වගන්ති 09කම ව්‍යවස්ථාවට පටහැනි කොටස්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here