ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය

චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ‘zoom’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන ඩේලි නිවුස් පුවත්පත කළ වාර්තාව අසත්‍ය බව චීන තානාපති කාර්යාලය පවසයි.

ඩේලිනිවුස් පුවත්පත අද(09) මෙසේ වාර්තා කර තිබිණි.

එහි සිංහල පරිවර්තනය මෙසේය

“චීන ජනාධිපති ෂී ජින්-පිං ඊයේ zoom තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කතා කළේය. වාර්තා අනුව නායකයින් දෙදෙනා පරිපාලනමය කරුණු පිළිබඳ තම අත්දැකීම් බෙදාහදා ගෙන තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සොන්ග් ටාවෝ, කොමියුනිස්ට් පක්ෂයේ හයිනාන් පළාතේ ලේකම් ලියු සිගුයි සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් ඊට සහභාගී වූහ.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් යොමු කරමින් පැවසූවේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නොවැම්බර් 04 පැවති සම්මන්ත්‍රණයට  ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ නොවූ බවයි.

එසේම චීනයේ සහ ශ්‍රී ලංකාවේ නායකයින් සැමවිටම සමීප සම්බන්ධතා සහ මිත්‍රත්වය පවත්වා ගන්නා බවත් ඉදිරි දිනවලදී රටවල් දෙකේ නායකයින් අතර අන්තර්පාර්ශවික කටයුකු අපේක්ෂා කරන බවත් එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

Previous articleනීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත්
Next articleකොවිඩ් මරණ ආදාහනය ගැන වෙනස් කියවීමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here