වෙබ් මාධ්‍යවේදීන්ට ගම්පහ උසාවි පොලිස් නිලධාරීන්ගෙන් වෙනස්කම්

ප්‍රවෘත්ති වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස නොපිළිගන්නා බවත්, වෙබ්අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා අධිකරණ කටයුතු වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදීමට හැකියාව ඇති බවත් ගම්පහ අධිකරණ සංකීර්ණයේ රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 82026 ඩබ්ලිව් ඒ එස් පී කුමාර අද (25) ප්‍රකාශ කළේය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ ශානි අබේසේකර මහතා නිදහස් කළ නඩුව ආවරණය කිරීම සඳහා අද ගම්පහ අධිකරණ සංකීර්ණය තුළට ගිය අවස්ථාවේදීය.
පොලිස් කොස්තාපල් 77925 එම් ආර් ඒ එන් අබේරත්න ප්‍රකාශ කළේ ජනමාධ්‍යවේදීන් නම් නිතරම ජනමාධ්‍ය හැඳුනුම්පත මාධ්‍යවේදියාගේ බෙල්ලේ එල්ලාගෙන සිටිය යුතු බවයි. එලෙස බෙල්ලේ එල්ලාගෙන නොසිටින පිරිස් සහ වෙබ්වල වැඩකරන පිරිස් ජනමාධ්‍යවේදීන් නොවන බව ද ඔහු කීවේය.
මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සහ ඔවුන් දෙදෙනාගේ අපකීර්තිදායක හැසිරීම සම්බන්ධයෙන් MediaLK ගම්පහ වැඩ බලන කොට්ඨාස භාර පොලිස් අධිකාරී චින්තක පෙරේරා මහතාට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් අධිකාරීවරයා විසින් ගම්පහ බාර සහකාර පොලිස් අධිකාරීවරයාට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ජූලි 28 වැනිදා ගිය Voice TV  මාධ්‍යවේදියකුට ද පොලිසිය මේ ආකාරයට සලකා ඇති අතර ප්‍රධාන මාධ්‍යවල මාධ්‍යවේදීන් අධිකරණ සංකීරණ භූමියේ සිටියදී එම මාධ්‍යවේදියාට පමණක් අධිකරණ සංකීර්ණයෙන් පිටතට යන ලෙස දැනුම්දී තිබේ.

අවුරුදු තුනකට පසු ශානි නිදහස්

Previous articleඅවුරුදු තුනකට පසු ශානි නිදහස්
Next articleසාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here