Home පුවත් දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිගෙන් ඉල්ලයි !

දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිගෙන් ඉල්ලයි !

දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිගෙන් ඉල්ලයි !
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට සමාජ මාධ්‍ය ඔස්සේ අනියම් තර්ජනයක් සිදුකරන ලද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පියවර ගන්නා ලෙසත් මාධ්‍ය සංවිධාන එකමුතුව සහ අදාළ තර්ජනයට ලක්වූ MediaLK ප්‍රධාන සංස්කාරක තරිඳු ජයවර්ධන විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් ලිඛිතව ඉල්ලා සිටී.
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ එකමුතුව නියෝජනය කරයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පිටපත් සහිතව මාධ්‍ය සංවිධාන එකමුතුව යොමු කළ ලිපිය පහත සම්පූර්ණයෙන් ම පළවේ.
චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධවයි.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (01) ඔහුට අනියමෙන් තර්ජනය කර තිබේ.
අදාළ ප්‍රවෘත්තිය සඳහන් ෆේස්බුක් පෝස්ටුව – https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටී. මාධ්‍යවේදියා මෙහිදී තමන් ලියන ලද අසත්‍ය පුවත් මොනවාදැයි විමසා සිටියද, ඊට නිශ්චිත පිළිතුරක් දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දී නැත. එක් අවස්ථාවකදී පමණක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් පිළිබඳව ඔහු සඳහන් කරයි.
තරිඳු ජයවර්ධන ප්‍රධාන කර්තෘ ධුරය දරන www.medialk.com පුවත් වෙබ්අඩවිය එම ප්‍රවෘත්තිය සඳහන් කළ ආකාරය – https://medialk.com/archives/5653
එම ප්‍රවෘත්තියේ මූලාශ්‍රය වන්නේ 2021 ජුනි 29දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තරිඳු ජයවර්ධන යොමුකරන ලද ප්‍රශ්නයකට ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදුන් පිළිතුරයි.
මෑත කාලීන සිදුවීම් දෙස බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති ‘Borumai kiyanne soba dhahama jayagani – Aniwarwen see prbakaran and other Criminals’ යන ප්‍රකාශය ඇතුළත් ප්‍රතිචාර දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බව බව අපි විශ්වාස කරමු.
එසේම, අසත්‍ය පුවත් පළකරන ලද බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රැඳවුම් භාරයේ සිටින බහුතරයකට එරෙහිව විධිමත්ව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකිරීමක් සිදුව නැති පසුබිමක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළ ව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා සිටිමු.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පොලිස්පතිවරයා වෙත යොමුකරන ලද ලිපිය
2021/07/03 වැනිදා.
චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ තර්ජනාත්මක ප්‍රතිචාර සම්බන්ධවයි
1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විශ්‍රාම යෑම සම්බන්ධයෙන් MediaLK.com වෙබ් අඩවියේ පළ කරන ලද පුවතක් මවිසින් 2021 ජූලි 01 වැනි දා රාත්‍රී 9.29ට පමණ මගේ ෆේස්බුක් ගිණුමේ ෂෙයාර් කළෙමි.
2) එලෙස ෂෙයාර් කළ පෝස්ටුවට රාත්‍රී 9.58ට පමණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘මොන බොරුද මේ සමාජ ගත කරන්න හදන්නේ. ඔයා හරියට මහන්සි වෙනවා මිනිස්සු අන්දන්න. හැබැයි මිනිස්සු ඇන්දෙන් නැති බව බලන ගාන බැලුවම පේනවා. ගුඩ්. ‘ යනුවෙන් ප්‍රතිචාරයක් දක්වා තිබුණු අතර එය මා සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් මැවීමට කරන උත්සාහක් නිසා මම ද ඊට ප්‍රතිචාර ලෙස මම මෙවැනි කමෙන්ටුවක් පළ කළෙමි. ‘ Deshabandu Tennakoon ස්තුතියි ප්‍රතිචාරයට. 1) මේකෙ තියන බොරු ටික මොනවද කියලා කියන්න පුලුවන්ද? 2) මේකෙ තියන ඒවා එකිනෙක බොරු කියලා පෙන්නුවොත් ඒවා බොරු කියලා පිළිඅරගෙන ඒ කියන ඇත්ත කතාවත් ලියනවා. 3) මම මිනිස්සු අන්දන්න මහන්සි වෙනවා කියන්නේ මොන පදනමක ඉඳන්ද? මම මිනිස්සු අන්දන්න වෙච්ච මහන්සිය මොකක්ද? කරුණු සහිතව කියන්න..’
3) ඊට ප්‍රතිචාර ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා මෙවැනි කමෙන්ටුවක් පළ කළේය. ‘Shani deshapalana balapem matha karapu dewal oan tharam thiyenawa ewa dakiddi lankikayanta danaganthaki ohu kaeada kiyala thanikararama deshapalanaya pinawanna karapu dewal pennawa samajayata oya mama vawniyawe idde dapu boro walinma penawa jeewathwenna boru dana kenek kiyala suba pathanawa oyata ohoma enjoy karanna’ ඔහු වව්නියාවේ සිටිය දී මම ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කළ බවට අභූත චෝදනාවක් එල්ල කර ඇති හෙයින් මම ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වීමි. ‘Deshabandu Tennakoon ඔබතුමා වව්නියාවේ ඉන්දි මම දැම්ම බොරුව මොකක්ද? කරුණු සහිතව කියන්න. ඒ කියන්නේ ඔබතුමා වව්නියාවේ ඉන්දි මම ලියපු එකක් සම්බන්ධයෙන් වෛරයෙන් ඉඳලා මම කරන දේවල් ගැන හොයලා බලනවා කියලද? 🤔 කොහොමත් කාටවත් කඩේ යන බොරු ඒවා නම් මම දාලත් නෑ. දාන්නෙත් නෑ. අපි ලව්වා එහෙම දම්මගන්න බලං හිටපු අයට සමහරවිට අවුල් ඇති.
ඔබතුමායි ශානි අතර තියන අවුල් අපේ පිටින් යවන්න එපා. ශානිලා දේශපාලනේට වැඩ කළා නම් ඒවා දැන දැන බලාගෙන හිටපු ඔබ ඇතුලු හැමෝම වැරදි. පොලිස් නිලධාරියෙක් අපරාධයක් දැක්කම ඒක දැක දැක නිහඬව සිටීම වැරදි. අවුරුදු ගණන් එහෙම දේශපාලනේට ඕන විදිහට වැඩ කරන්න දීලා හිටපු එකම එහෙනම් වැරදි.’
4) ඉන් අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දිගින් දිගටම ප්‍රතිචාර දක්වන්නට විය.
5) මා ව්‍යාජ ප්‍රවෘත්ති වාර්තාකරණ මාධ්‍යවේදියකු ලෙස හුවා දක්වමින් කිසිම පදනමකින් තොරව චෝදනා කරමින් ඔහු ප්‍රතිචාර දැක්වීය.
6) අනතුරුව රාත්‍රී 10.55ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රතිචාරයක් දක්වමින් ‘no mama kisima tharahak ne tharahak thibunak waira karanne obatath suba pathanawa api dennama balamu kawuda soba dahama jayaganne kiyala” යනුවෙන් සඳහන් කළේය. ‘අපි දෙන්නා බලමු කවුද සොබා දහම ජයගන්නේ කියලා’ යනුවෙන් සඳහන් කිරීම ගැන මට බරපතල ගැටලුවක් මතුවූ අතර ඔහු මට තර්ජනය කිරීමට උත්සාහ කරන බවක් මට හැඟී ගියේය.
7) මා මුදලට කොන්ත්‍රාත් කරන්නකු බව කීමට ද ඔහු උත්සාහ කළ බවක් පෙනෙනි. ඒ රාත්‍රී 11.41කට පමණ ප්‍රතිචාරයක් පළ කරමිනි. ”Therumgaththama me ahinsakakamatada deshapalana amaruwatada kiyala mama kamathi ne kathakarannaa salli walata cintrac karabne” ,
8) ඔහු වරින්වර මේ ආකාරයට ප්‍රතිචර දක්වා තිබිණි. ”Mama pennawa patta boru liyana kenek kiyala meya kalin liuapu boru ekka ada liyana boro heys aliuei”, ”ada liyana boru eliwei” , ”Meya magana meeta awurudu keepayakata lalin lankadeepeta liyapu amu boru magawa thiyenawa’’, ‘Ewa boruwela bath othana kolawitharai adatath boru katha prabanda karala vikunana kenek obata puluwan ohu liyana de piliganna oba thawa mssekin mata kiyanna ohuge lipiya gana” , ”Eya liwuwe aththananam mamath inna ona hirne giya anduwakale mama mokatada paminili karanne vagakeemak nanithi minisunta virudfawa sobadahama nisi daduwam devi” , ”Eyagen ahanna liyala boru unu dewal’ , ‘Mata age amaruwak ne mage kale nasthi karanna mama danuth keewa dina keepayakata kalin meya danawa passku comisama mata winaya piyawara ganna kiyala thiyenawalu’ , ‘Koheda ehema kiyala thiyenne inquiry ekak karanna kiyala thiyenawa inquiry akedi therranaya karai harida waradida kiyala meya kiyanawa winaya piyawawars ganna kiyala thiyenawa kiya naduwak danna kiyana ekai daduwam denns kiyanna ekai nodanna maddyawrdiya’, ‘Kaitatika sallimatha yapennek”, ”Borumai kiyanne soba dhahama jayagani ”, ”Ai obata mama kiyana de therenawada meyage madya bawithawa gana aluthma eka’ , ‘Passku comisama kiyala thiyenawane mata vinaya pareekshanak thiyanna kiyala eka hari mama ekata muhunadela mage karunu kiyannam’ , ‘Meya liyanawa passku comisamen mata vinaya piyawara ganna kiyala thiyenawa kiyala vinaya piyawara ganne pareeshanayata passe waradikaraya unama pareekshanaya nima wenakam siyaludena nirdosi lesa salakeema thamai sammathaya’ , ‘Meya me vachana deke athi wenasa nodanna kenekda wenath kisima madya wediyek nokala mewarada meya witharakma kale ai wairaya ekka waradi samaja matha digatama hadanawa mata mewa liyanna ona nehe but me karana pahath wada apita therena bawa kiyanna ona nidai liyanne mewa banne 10/15 mewa gana paminili l karala prasiddiyak denne ai mama ita wada hoda samabara maddyawedin ona tharam innawa samajaye meya wage ayata soba dahami pihita labewi”
9) ඔහු දිගින් ගිටමට සොබා දහම බලාගනියි යනුවෙන් සඳහන් කළ අතර ”api dennama balamu kawuda soba dahama jayaganne kiyala” යනුවෙන්ද සඳහන් කළේය. සොබා දහමෙන් පළ දෙන හැටි පෙන්වීමට ඔහු ”Aniwarwen see prbakaran and other Criminals යනුවෙන්ද සඳහන් කර තිබිණි. සොබා දහමේ පිහිට ලැබෙයි, සොබා දහම නිසි දඬුවම් දේයි, අපි දෙන්නම බලමු කවුද සොබා දහම ජයගන්නේ කියලා ආදී වශයෙන් ඔහු මා හට තර්ජනය කළ අතර ඊට උදාහරණ ලෙස දැක්වූයේ ප්‍රභාකරන් සහ අපරාධකරුවන්ට සිදුවූදේය.
10) පසුගිය කාලයේ අපරාධ සැකකරුවන් ආයුධ පෙන්වීමට යැයි කියමින් ගෙන ගොස් ඝාතනය කරනු අපි දැක්කෙමු. මා හටද එවැනි මරණයක් අත්කර දෙන බවට දේශබන්දු තෙන්නකෝන් මහතා කළ තර්ජනයෙන් පසු මට ජීවිතය ගැන දැඩි බියක් ඇති විය. ඒ බිය නිසාම මම ප්‍රතිචාර දැක්වීම නතර කළෙමි. ඔහු දිගින් දිගටම දමන ලද ප්‍රතිචාරවලට මම ඊයේ (03) උදෑසන මෙවැනි ප්‍රතිචාරයක් දැක්වූයෙමි.
”Deshabandu Tennakoon සුබ උදෑසනක් වේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, 1) මම ලංකාදීපයේ හෝ ඉන් පිට හෝ මාධ්‍යවේදියකු ලෙස ලියපු කිසිම දෙයක් සම්බන්ධයෙන් මේ වන තෙක් නිවැරදි කිරීමක්වත් ඇවිත් නෑ. අවස්ථා දෙකකදි පැහැදිලි කිරීම් එවලා තිබ්බා. ඒවයෙත් ලිව්ව දේ බොරු කියලා කියලා තිබුණේ නෑ. මොකද මම බොරු ලියලා නෑ. 2) ඔබේ කමෙන්ට් කියවද්දි තේරෙන්නේ ඔබ මා සමඟ දැඩි වෛරයකින් සිටින බව. මම වෛරයෙන් ජනමාධ්‍යකරණයේ නියැලෙන්නේ නෑ. ඒකට හේතුව තමයි මම ලියන කිසිම කෙනෙක් එක්ක පුද්ගලික තරහක් නැති නිසා. 3) මම කිසිම කෙනකුට ඔ්න විදිහට ලියන්නේ නෑ. දේශපාලකයන්ට කඩේ යන්නෙත් නෑ. යහපාලන ආණ්ඩුව කරපු වැරදි ගැනත් ඒ කාලයේම ලිව්වා. ඔබට ඒවා මතක ඇති. 4) අපි මෙච්චර කල් කියපු දෙයක් අද ඔබ කියනවා. ඒ ගැන සතුටුයි. ඒ තමයි චෝදනා ඔප්පුවෙනකම් කෙනෙක් නිවැරදිකරු කියන එක. චෝදනා ඔප්පු වෙනකම් නෙමෙයි, ඔප්පු වුණත් නිවැරදිකරු වෙන්න පුලුවන් බොරු සාක්කි හදලා හිරකළොත්. 5) ලියපු දෙයක් සම්බන්ධයෙන් විවේචනයක් තිබේ නම් හෝ නිවැරදි කිරීමක් තිබේ නම් හෝ පැහැදිලි කිරීමක් තිබේ නම් medialknews@gmail.com ඊමේල් ලිපිනයට එවන්න. එය පල කරන්න අපි සූදානම්. එහෙම නැතුව අනියමාර්ථයෙන් තර්ජනය කිරීම් කරන්න එපා. 6) පාස්කු ගැන මෑතක ලිව්ව ප්‍රවෘත්තියට ඔබ උරණ වී ඇති බව පේනවා. එය ඔබ සමඟ පෞද්ගලික තරහකින් ලියන ලද්දක් නෙමෙයි. නැවත පාස්කු වැනි සිදුවීම් නොවිය යුතුයි. එවැනි දෑ යළි නොවෙන්න නම් වැරදි නිවැරදි විය යුතුයි. අනික ඔබ සමඟ පෞද්ගලික තරහක් ඇති කර ගන්න ඔබ සහ මා හිතවතනුත් නෙමෙයි. එම චෝදනාපත්‍රය බාර ගෙන විනය පරීක්ෂණයට මුහුණ දෙන්න. ඉන් නිවැරදිකරුවා වුණොත් අනිවාර්යෙන්ම ඒ බව පළකරනවා. 7) කවුරුන් හෝ ලියන දෙයක් බොරුද ඇත්තද කියලා තීරණය කරන්න පොලිසිය පටං ගත්තොත් ඒක බරපතල ගැටලුවක්. බරපතල තර්ජනයක්. ඒ නිසාම තමයි ගැම්බියාව වගේ රටවල ෆේක්නිව්ස් නීති ඉවත් කරන්න කියලා උසාවිවලින්ම නියෝග කරන්නේ. පොලිසිය තමන්ට මර්දනය කරන්න අවශ්‍ය අය ‘මෙයා ෆේක් නිවිස් ලියනවා’ කියලා කුදලගෙන යන්න පටං ගන්නවා කියන්නේ ඒක බරපතලයි. වෙනත් රටවල ඔ්නතරම් උදාහරණ තිබෙනවා. මම බොරු ලියලා නෑ. මම බොරු ලිව්වා කියමින් අනියමාර්තයෙන් තර්ජනය කරන්න එපා. ලියපු දෙයක් ගැන පැහැදිලි කිරීමක් තිබේ නම් කලින් කිව්වා වගේ එවන්න පුලුවන්. ජනමාධ්‍ය ආචාරධර්ම අනුව එම පැහැදිලි කිරීමට ඉඩක් දෙන්න අපි බැඳිලා ඉන්නවා.”
11) මෙම සිදුවීමෙන් පසු මට මාගේ සහ මාගේ පවුලේ පිරිසගේ ජීවිතය සම්බද්ධයෙන් දැඩි බියක් දැණුනි. ඊට හේතුව කිසිම පදනමක් නැතුව මම බොරු ලියනවා යනුවෙන් ප්‍රකාශ කිරීම සහ ප්‍රභාකරන් සහ අපරාධකරුවන්ට අත්වූ ඉරණම මටද අත්වේයැයි දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරන බැවිනි.
12) ප්‍රවෘත්තියක සත්‍යාසත්‍ය බව මැනීමට පොලිසියට නොහැකි බව ජනමාධ්‍යවේදියකු ලෙස මාගේ ස්ථාවරය වන අතර මම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තෙමි. පසුගිය කාලයේ ‘බොරු’ ප්‍රකාශ දැමූ බව කියමින් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය වාර්තා කළේය. එවැනිම බොරු චෝදනාවක් දමා මා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බවට බරපතල සැකයක් තෙන්නකෝන් මහතාගේ ප්‍රකාශවලින් මාහට හැඟී ගියේය.
13) එමෙන්ම ඔහු පොලිසියේ ජ්‍යෙෂ්ඨතමයන් අතර ඉදිරිපෙල සිටින්නකුවේ. ඔහු වැනි වගකිවයුතු චරිතයක් ‘සොබාදහමෙන් පිළිතුරු ලැබෙයි’, ‘බලමු කවුද සොබාදහම ජයගන්නේ’ ආදී දේ ප්‍රකාශ කිරීම අනාගතයේදී මට හානියක් කිරීමේ අරමුණෙන් කරන තර්ජනයක් බව මම විශ්වාස කරමි. ඊට උදාහරණ ලෙස අපරාධකරුවන්ට සහ ප්‍රභාකරන්ට අත්වූ ඉරණම සඳහන් කර මරණ තර්ජන කිරීමෙන් මා පමණක් නොව මාගේ බිරිඳද දැඩි බියකට පත්වී සිටින්නීය.
14) දේශබන්දු තෙන්නකෝන් මහතා මා සමග උරණ වීමට හේතුව ලෙස මම විශ්වාස කරන්නේ පසුගිය කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී මා විසින් ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් විමසන ලද ප්‍රශ්නයක් සහ ඒ අනුව ලියන ලද ප්‍රවෘත්තිය බවට මම සැකකරමි. එය මේ සමඟ අමුණා ඇත.
පොලිස්පතිතුමනි,
15) මම 2011 වසරේ සිට 2019 අගෝස්තු 31 වැනිදා තෙක් ලංකාදීප පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළෙමි. පුවත්පතට විමර්ශනාත්මක පුවත් සහ විශේෂාංග ලිවීමට උත්සාහ කළෙමි. ‘සත්‍ය ගවේශන’ විශේෂාංගය තුලින් බිඟුන් මේනක ගමගේ ජනමාධ්‍යවේදියාද සමඟ දූෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ඇත්තෙමි. ඉන් අනතුරුව MediaLK.com වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස මාගේ කාර්යමණ්ඩලයේ ද සහාය ඇතිව එවැනිම අනාවරණයක් කිරීමට උත්සාහ දැරුවෙමි. මේ සියලුම දේ කළේ කිසිවකුගෙන් පලිගැනීමට නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ මහජන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාය.‍ පැවැති සෑම ආණ්ඩුවක් යටතේම සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා ගැන මම හෙළිකිරීමට උත්සාහ කර ඇත්තෙමි. කිසිම දේශපාලනඥයකුගෙන් කිසිම උදව්වක් ලබාගෙන නොමැති මා කිසිම දේශපාලනඥයකුගේ උවමනාවට මාධ්‍යකරණයේ නියැලී නැත. යමෙකු කරන වරදක් සම්බන්ධයෙන් පෙන්වා දෙන මම ඒ පුද්ගලයාට ද වරදක් සිදුවුවහොත් ඒ ගැන ද වාර්තාකර ඔහුට ද සාධාරණය ඉටු කිරීමට මාධ්‍යවේදියකු ලෙස කළ හැකි කාර්ය භාරය කළෙමි. මා මාධ්‍යකරණයේදී පෞද්ගලික තරහකින් හෝ වෛරයකින් කටයුතු කර නැත.
16) මාගේ මාධ්‍ය ජීවිතයේ වසර 10ක පමණ කෙටි කාලය තුළ මේ දක්වා මා ලියන ලද කිසිම ප්‍රවෘත්තියක් හෝ විශේෂාංගයක් සම්බන්ධයෙන් නිවැරදි කිරීම් ලැබී නැත. පැහැදිලි කිරීමේ ලිපි ද ලැබී ඇත්තේ දෙකක් පමණය. ඒ බව ලංකාදීප ප්‍රධාන කර්තෘතුමා ඇතුළු කර්තෘ මණ්ඩලයද සාක්ෂි දරනවා ඇත. ඒසේ තිබිය දී මා ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ ලියන්නකු බව කියමින් මට නින්දා කර මා ගැන ද්වේශයක් සමාජයේ ඇති කිරීමටත්, එමගින් මට අනතුරක් කිරීමටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ගන්නා උත්සාහ ගැන මම කණගාටු වෙමි. ඔහු කියන ආකාරයට මම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළේ නම් ඒ ගැන නිවැරදි කිරීම් එවීමට තිබිණි. ඒවා පළ නොකළේ නම් සිවිල් නීතිය යටතේ කටයුතු කිරීමට තිබිණි. එසේ තිබියදී මෙසේ දිගින් දිගටම ‘ව්‍යාජ පුවත්’ චෝදනාව කිරීමේ අරමුණ මා පෙර සඳහන් කළ දෙයම බව මම විශ්වාස කරමි.
17) එසේ හෙයින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මා හට කළ තර්ජනය සම්බන්ධයෙන් විමර්ශනයක් කර මාගේ හෝ මාගේ පවුලේ උදවියගේ හෝ මාගේ හිතවතකුගේ ජීවිතයට හානියක් වීම නතර කර දෙන ලෙසත්, ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසත්, මා හට නිදහසේ මාගේ මාධ්‍ය වෘත්තිය කරගෙන යෑමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
තරිඳු ජයවර්ධන
පිටපත්
1) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
2) සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය
3) සභාපති, තරුණ නීතිඥ සංගමය
4) සභාපති සහ ලේකම්, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
5) මාධ්‍ය සංවිධාන එකමුතුව
6) කතානායකතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
7) මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය, අග්‍රමාත්‍යකර්යාලය, කොළඹ.
8) සරත් වීරසේකර මහතා, නීතිය හා සාමය අමාත්‍යංශය.
9) කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ජනමාධ්‍ය අමාත්‍ය.
10) සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂ නායක.
11) සභාපති, පොලිස් කොමිෂන් සභාව.
12) සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
13) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අපරාධ, ශ්‍රී ලංකා පොලිසිය.
14) නීතිපතිතුමා, නීතිපති දෙපාර්තමේන්තුව.
දේශබන්දු තෙන්නකෝන් විසින් ප්‍රතිචාර දැක්වූ ෆේස්බුක් පෝස්ටුව

එම පෝස්ටුවට ඔහු විසින් දැක්වූ ප්‍රතිචාර කිහිපයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සඳහන් කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්ති
https://medialk.com/archives/5475
https://medialk.com/archives/5653

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here