චන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ (30) විශ්‍රාම ගත්තේය.
ඒ මහතා මෙරට වැදගත් මෙන්ම ආන්දෝලාත්මක සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් සිදුකළ සහ අධීක්ෂණය කළ නිලධාරීයෙකි.
එම විමර්ශන අතර රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය, දෙල්කඳ සය පුද්ගල ඝාතනය, සරත් ෆොන්සේකා ඝාතන තැත, කෝටි දෙකේ කප්පම් සිද්ධිය, උඩතලවින්න 10 දෙනකු ඝාතනය කිරීම, භාරත ලක්ෂ්මන් ඝාතනය, තණමල්විල වයස 80ක කාන්තාවක දූෂණය කර මරා දැමීමේ සිද්ධිය , මොහොමඩ් සියාම් ඝාතනය, රවිරාජ් ඝාතනය, 2007-2009 තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය, වැලිකඩ බන්ධනාගාර ඝාතනය වැනි සිද්ධීන් සම්බන්ධ විමර්ශන ඇතුළත් වේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් විමර්ශන රැසක් ද ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරිණි.
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වී දවස් කිහිපයක් ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ජාත්‍යන්තර පොලිසියේ ඇගයීමට ද ඒ මහතා ලක්විය.
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු වන විට විමර්ශන 8000ක් පමණ අධීක්ෂණය කරමින් සිට තිබේ.
රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම, රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය.
එමෙන්ම ජනාධිපතිවරුන් හතර දෙනකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ද ශානි අබේසේකර මහතා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේදී පසුගියදා කියැවිණි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ටවුන්හෝල්හිදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, වත්මන් ජනපති ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටියදී පිත්තල හංදියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරවකුව සිටිය දී බෝම්බ ගැසීමට කුමන්ත්‍රණය කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන විමර්ශන හතර සිදු කරනු ලැබ ඇත්තේ ශානි අබේසේකර මහතා විසිනි.
ඔහුට ලැබුණු උසස්වීම් පහෙන් තුනක්ම (පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් අධිකාරී) ලැබී ඇත්තේ ඔහු කළ විමර්ශනවලට ඇගයීමක් ලෙස ය.
ඔහු 1986 පෙබරවාරි 10 වැනිදා පොලිස් සේවයට එක්විය.1986 ජූනි 01 වැනිදා විශේෂ කාර්ය බලකායේ පුහුණුවට ගොස් එම වසරේම දෙසැම්බර් 12 වැනිදා විශේෂ කාර්ය බලකායේ සේවය ආරම්භ කර ඇති අතර 1991 දී පොලිස් පරීක්ෂක ලෙස උසස්වීමක් ලැබීය. 1995දී විශේෂ කාර්ය බලකායෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබ 1998දී සැප්තැම්බර් 09 වැනිදා එවකට එ්එස්පීවරයකු⁣ගේ ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හෙතෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තාවකාලිකව අනුයුක්ත කරනු ලැබීය. එම ඝාතනයේ පරීක්ෂණ සාර්ථකව අවසන් කිරීම හේතුවෙන් නිර්දේශ මත අබේසේකර මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස්වීමක් ලෙස උසස් කෙරිණි.
2007 සැප්තැම්බර් 27 වැනිදා යාප⁣නයේ සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස උසස්වීමක් ලැබුණු ඔහු 2013දී විශේෂ උසස්වීමක් ලෙස පොලිස් අධිකාරිවරයකු ලෙස උසස් කරනු ලැබීය. ඒ අඟුලාන ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සාර්ථකව අවසන් කිරීම මතය. අබේසේකර මහතා එම පරීක්ෂණ දක්ෂ ලෙස මෙහෙයවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඇගයීමක් ද සිදුකළේය.
ඒ මහතා සිදුකළ විමර්ශන 82ක් පහතින්…
ඔහු සම්බන්ධයෙන් MediaLK කළ වාර්තා පහතින්…
https://medialk.com/archives/686
https://medialk.com/archives/1744
https://medialk.com/archives/2108
https://medialk.com/archives/2125
https://medialk.com/archives/2143
https://medialk.com/archives/2152
https://medialk.com/archives/2163
https://medialk.com/archives/3310
https://medialk.com/archives/3330
https://medialk.com/archives/3336
https://medialk.com/archives/3537
https://medialk.com/archives/3240
https://medialk.com/archives/3353
https://medialk.com/archives/3697
https://medialk.com/archives/4733
https://medialk.com/archives/4893
https://medialk.com/archives/5399
https://medialk.com/archives/5411
Previous articleසිරකරුවන්ට සමාව දීම වැදගත් : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඊට වඩා වැදගත් – හියුමන් රයිට්ස් වොච්
Next articleත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සලකා බලන බව යුරෝපා සංගමයට දැනුම් දුන්නා – විදේශ අමාත්‍යංශය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here