රුපියල තවත් බාල්දු වෙයි : ඩොලරය 200 පනී

රුපියලේ අගය තවදුරටත් පහත හෙළමින් ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් ති⁣බේ.
මේ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනේ එම අගය සඳහන් වන්නේ රුපියල් 200.06ක් ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් දැක්වෙයි.
ඩොලරයේ අගය මෙතරම් ඉහළ ගොස් ඇත්තේ වාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැඩි සීමාවන් පනවා ඇති අවධියකය.
ඩොලරයක විකුණුම් මිල අද(16) දිනයේ ලංකා බැංකුවේ රුපියල් 201.28ක් ලෙසද මහජන බැංකුවේ රුපියල් 205.98ක් ලෙසද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් 200.50 ක් ලෙසද, කොමර්ෂල් බැංකුවේ රුපියල් 201.50ක් ලෙසද, සම්පත් බැංකුවේ රුපියල් 201.00 ක් ලෙසද සටහන් වෙයි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here